Sport News

එංගලන්ත පිලේ මුල් කඩුලු 4 දිවා භෝජනයට පෙර බිඳ වැටෙයි

ශ්‍රි ලංකාවත් එංගලන්තයත් අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අද පල්ලේකැලේ ක්‍රිඩාංගණයේදී ආරම්භ විය. කාසියේ වාසිය දිනු එංගලන්ත පිල මුලින් පන්දුවට පහර දීමට තීරණය කළේය.

ඒ අනුව දිවා භෝජනය සදහා තරගය නතර කරන විට එංගලන්ත පිල කඩුලු 4 ක් දැවී ලකුණු 120 ක් රැස් කර ගෙන සිටියේය. මෙම තරගයේ නායකයා ලෙස සුරංග ලක්මාල් කටයුතු කරයි. ඔහු මීට පෙර මෙහෙයවු ටෙස්ට් තරග සියල්ලම ජය ගත් නායකයා ද වෙයි.