Fri10182019

Last updateTue, 18 Jun 2019 8am

Sport News

ශ්‍රී ලංකා එංගලන්ත දෙවන ටෙස්ට් තරගය අද

සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන ටෙස්ට් තරගය පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී අද ආරම්භ වෙයි. ගාල්ලේ පැවති පළමු තරගය ලකුණු 211 කින් ජයගැනීමට එංගලන්තය සමත්විය. ඒ අනුව තරග 3 කින් සමන්විත තරගාවලියේ එක් තරගයක් ජයගනිමින් එංගලන්තය මේ වන විට ඉදිරියෙන් සිටී.

පළමු තරගය පැරදුණු නමුත් තම කණ්ඩායම මානසිකව පරාජය වී නැති බව ශ්‍රී ලංකා කණ්ඩායමේ තාවකාලික නායක සුරංග ලක්මාල් ඊයේ පල්ලෙකැලේදී පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය. පාදයේ ආබාධයකට ලක්වීම හේතුවෙන් නායක දිනේෂ් චන්දිමාල් මෙම තරගයට සහභාගි නොවේ. ඒ වෙනුවට රොෂේන් සිල්වා හෝ චරිත් අකලංක අද තරගයට සහභාගිවිය හැකි බව සුරංග ලක්මාල් ඊයේ පැවසීය. ටෙස්ට් පිටියෙන් සමුගත් රංගන හේරත් වෙනුවට ලක්ෂාන් සඳකැන් හෝ මාලින්ද පුෂ්පකුමාර තරග වදිනු ඇත

. සුරංග ලක්මාල් මීට පෙර ටෙස්ට් තරග 3 කදී ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබා දී ඇති අතර එම තරග තුනම ජයග්‍රහණය කර ඇත. එංගලන්ත කණ්ඩායම පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී ටෙස්ට් තරගයකට සහභාගිවන පළමු අවස්ථාව මෙයයි. පළමු තරගයේ ජයග්‍රාහී මානසිකත්වය රඳවා තබාගනිමින් මෙම ටෙස්ට් තරගාවලිය ජයගැනීම සිය කණ්ඩායමේ අරමුණ බව එංගලන්ත ක්‍රිකට් නායක ජෝ රූට් පල්ලෙකැලේදී ඊයේ සඳහන් කළේය.