Mon02172020

Last updateTue, 17 Dec 2019 9am

Sport News

එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ලබන බදාදා

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිඩාංගනයේදී ලබන බදාදා පැවැත්වේ. තරගාවලියේ තරග එකට බිංදුවක් ලෙසඑ ංගලන්තය ඉදිරියෙන් සිටි.

ප්‍රථම තරගය පරාජයට පත්වුවද ඉදිරි තරග ජය ලබා තරගාවලියට අවතීර්ණවීමේ හැකියාව ශ්‍රී ලංකා පිලට ඇතැයි කණ්ඩායම් පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා පවසයි.

පසුගිය තරගාවලි කිහිපයකදී ශ්‍රී ලංකාව එවැනි දස්කම් දක්වා තිබේ. දිනේෂ් චන්දිමාල් ආබාධයකට ලක්ව සිටින බැවින් සුරංග ලක්මාල් ඉදිරි ටෙස්ට් තරග දෙක සදහා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරයි.