Fri04262019

Last updateSun, 21 Apr 2019 1pm

Sport News

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් පුර්ව වටයේ තරග අද ඇරඹේ

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් පුර්ව වටයේ තරග අද ඇරඹේ.  බෙල්ජියම සහ ප්‍රංශය අතර තරගය රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් හිදි ශ්‍රී ලංකාවේ වේලාවෙන් රාත්‍රි 11.30 ට ආරම්භ වෙයි.  65 දහසකට අධික පිරිසකට තරගය නැරඹිමේ අවස්ථාව සලසා තිබේ.  මේවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේදී ප්‍රංශය අපරාධිතව තරගබිමට පිවිසෙයි.  තරගාවලියේ අවසන්පුර්ව වටයට ප්‍රංශය පැමිණි 06 වන අවස්ථාව මෙයයි.  මෙවර තරගාවලියේ පෙරලිකාර කණ්ඩායමක් ලෙස බෙල්ජියම අද තරගබිමට පිවිසෙයි.  අද පැවැත්වෙන තරගයෙන් ජයගතහොත් බෙල්ජියම ප්‍රථම වතාවට ලෝක කුසලාන පාපන්දු තරගාවලියක අවසන් වටයට සුදුසුකම් ලබයි.  දැනටමත් තරගාවලියේදී ගෝල 04 ක් ලබා සිටින බෙල්ජියම් කණ්ඩායමේ රොමේලු ලුකාලු කෙරෙහි දැඩි අවධානයක් යොමුවී තිබේ.  ලෝක කුසලාන පාපන්දු  තරගාවලියේ තුන්වන ස්ථානය සදහා වන තරගය ලබන සෙනසුරාදා පැවැත්වේ.  අවසන් මහ තරගය පැවැත්වෙන්නේ ලබන ඉරිදායි.  ලෝක කුසලාන පාපන්දු තරගාවලිය රුසියාවේදී ආරම්භ වුයේ පසුගිය මස 14 වැනිදාය.  වසර හතරකට වරක් පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ලොව ජනප්‍රියතම ක්‍රිඩා ඉසව්වක් ලෙස සැලකේ.