Sport News

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් පුර්ව වටයේ තරග හෙට සිට

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් පුර්ව වටයේ තරග හෙටත් අනිද්දාත් පැවැත්වේ.  තරගාවලියේ තුන්වන ස්ථානය සදහා වන තරගය ලබන සෙනසුරාදා පැවැත්වේ.  අවසන් මහ තරගය පැවැත්වෙන්නේ ලබන ඉරිදායි.  ලෝක කුසලාන පාපන්දු තරගාවලිය රුසියාවේදී ආරම්භ වුයේ පසුගිය මස 14 වැනිදාය.  වසර හතරකට වරක් පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ලොව ජනප්‍රියතම ක්‍රිඩා ඉසව්වක් ලෙස සැලකේ.