Fri04262019

Last updateSun, 21 Apr 2019 1pm

Sport News

රුසියාව හා ක්‍රොයේෂියාව ලෝක කුසලාන පාන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට

රුසියාවේ පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ස්පාඤ්ඤය සමග ඊයේ පැවති තරගය ජයගත් රුසියාව අර්ධ අවසන් පූර්ව වටයට පිවිසෙයි. කණ්ඩායම් දෙකම එක් ගෝලය බැගින් ලබාගැනීම හේතුවෙන් ජය පැරදුම තීරණය කිරීමට අමතර කාලයක් ලබාදීමට විනිසුරුවරු තීරණය කළහ. එහිදීද ගෝලයක් ලබාගැනීමට කණ්ඩායම් දෙකම අපොහොසත් වූ බැවින් දඩුවම් පහර මගින් තරගයේ ජය තීරණය කෙරිණි. එහිදී ස්පාඤ්ඤ ක්‍රීඩකයන් එල්ල කළ පහර දෙකක් වලකාලීමට රුසියානු ගෝල් රකින්නා සමත් විය. මේ අතර ඩෙන්මාර්කය සමග ඊයේ පැවති අනෙත් තරගය ජයගනිමින් ක්‍රොයේෂියාව ද අර්ධ අවසන් පූර්ව වටයට පිවිස සිටී. එම තරගයේ ජය ද තීරණය වූයේ තරග අවසානයේ ලබාදෙන ලද දඩුවම් පහර මගිනි. මේ අනුව අර්ධ අවසන් පූර්ව වටයේ රුසියාව හා ක්‍රොයේෂියාව අතර තරගය ලබන 7 වෙනිදා සෝචි හිදී පැවැත් වේ.