Fri09212018

Last updateMon, 30 Jul 2018 10am

Sport News

ආසියානු දැල්පන්දු තරගාවලිය ඉලක්ක කර ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයෙන් විශේෂ වැඩපිළිවෙලක්

ආසියානු දැල්පන්දු තරගාවලිය ඉලක්ක කර විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය කියයි.  ජාතික දැල්පන්දු සංචිතයේ තෝරා ගැනීම් දැනටමත් ආරම්භ කර තිබේ.  ක්‍රිඩිකාවන් 15 දෙනෙකුගෙන් සමන්වි. අවසන් සංචිතය ජුලි මාසයේ තෝරා ගන්නා බව සම්මේලනයේ සභාපති ට්‍රික්සි නානායක්කාර මහත්මිය පවසයි.  සංචිතයේ ක්‍රිඩිකාවන්ට ජාත්‍යන්තර මට්ටමේ තරග අත්දැකීම් ලබාදීමට ක්‍රියා කෙරේ.  සියලුම දිස්ත්‍රික් සංගම් මාර්ගයෙන් සංචිතය තෝරා ගැනෙනු ඇත.  2009 දී ශ්‍රේණිගත කිරීම්වල 14 වන ස්ථානයේ පසුවු ශ්‍රී ලංකාව මේ වනවිට 25 වන ස්ථානය දක්වා  පහතට ගොස් තිබේ.  ලෝක ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණිම නව වැඩපිළිවෙලේ අරමුණ බවද සභාපතිනිය කියයි.