Sat06232018

Last updateFri, 22 Jun 2018 1pm

Sport News

නිදහස් කුසලාන පළමු තරගයේ ජය ශ්‍රී ලංකාවට

කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ඊයේ පැවති නිදහස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය කඩුඑ 5 කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ප්‍රතිවාදී ඉන්දීය කණ්ඩායමට ලබා දුන්නේ ය. ඒ අනුව පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුඑ 5 කට ලකුණු 174 ක් රැස් කළේය. ශිකාර් ධාවන් පන්දු 49 කදී ලකුණු 90 ක් රැස් කිරීමට සමත් විය. පිලිතුරු ඉණිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 18 යි පන්දු 3 කදී කඩුඑ 5 ක් පමණක් දැවී ලකුණු 175 ක් ලබාගැනීමට සමත් විය. ලකුණු 66 ක් රැස් කළ කුසල් ජනිත් පෙරේරා තරගයේ වීරයා විය.
ශ්‍රී ලංකා කණ්ඩායම මෙම ජයග්‍රහණය වාර්තා කළේ තිස් දහසක පමණ නරඹන්නන් පිරිසක් ඉදිරියේ ය. සමස්තයක් වශයෙන් මෙම තරගයේදී කණ්ඩායම හොඳින් ක්‍රීඩා කළ බව ජයග්‍රහණයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවකදී කුසල් පෙරේරා පැවසීය. තමාට ලැබෙන අවස්ථාව අනුව උපරිමයෙන් ක්‍රීඩා කරන බවද හෙතෙම එහීදි කියා සිටියේ ය. තරගාවලියේ දෙවන තරගය බංග්ලාදේශය හා ඉන්දියාව අතර හෙට පැවැත් වේ.