Thu05242018

Last updateThu, 24 May 2018 8pm

Sport News

ශ්‍රී ලංකා - බංග්ලාදේශ දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ඩකා අගනුවරදී අද ආරම්භ විය.  කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සදහා සියලු දෙනා දැවී ලකුණු 222 ක් ලබා ගත්තේය.  කුසල් මෙන්ඩිස් ලකුණු 68 යි.  රොෂේන් සිල්වා ලකුණු 56 යි.  පන්දු යැවීමේ දිී අබ්දුල් රසාක් හා තයිජුල් ඉස්ලාම් කඩුලු 4 බැගින් බිඳහෙලුහ.  දිනය නිමා වනවිට පළමු ඉනිම සඳහා පන්දුවට පහර දෙන බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 4 ක් දැවී ලකුණු 56 ක් ලබා සිටියේය.  සුරංග ලක්මාල් තම ටෙස්ට් කඩුලු සියයේ සීමාව පසු කිරිමට අද සමත් විය.  ඔහු කඩුලු 2 ක් බිඳ හෙලීය.