Sun05312020

Last updateSat, 22 Feb 2020 6pm

Sport News

ක්‍රිකට් ලෝක කුසලානයේදී කොදෙව්වන් පැරදවූ බංග්ලාදේශට කඩුඵ 7 ක ජයක්

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ බටහිර ඉන්දීය කොදෙව් පිල සහ බංග්ලාදේශ පිල අතර ඊයේ පැවති තරගයෙන් කඩුඵ 7 ක ජයක් ලැබීමට බංග්ලාදේශ පිල සමත් වෙයි. මුලින්ම පන්දුවට පහර දුන් බටහිර ඉන්දීය කොදෙව් පිල නියමිත පන්දුවාර පනහ අවසානයේ කඩුඵ 8 ක් දැවී ලකුණු 321 ක් රැස් කළේය.

බටහිර ඉන්දීය කොදෙව් පිල වෙනුවෙන් ෂායි හෝප් ලකුණු 96 ක්ද එවින් ලෙවිස් ලකුණු 70 ක්ද සිම්රන් හෙට්මෙයර් ලකුණු 50 ක්ද රැස් කළහ. බංග්ලාදේශ පිල වෙනුවෙන් මොහොමඩ් සයිපුදීන් සහ මුස්තපීසූර් රෙහෙමාන් කඩුඵ 3 බැගින් බිද හෙලූහ. දෙවනුව පන්දුවට පහර දුන් බංග්ලාදේශ පිල පන්දුවාර 41 යි පන්දු 3 ක් අවසානයේ කඩුඵ 3 ක් දැවී තිබියදී ඉලක්කය ජය ගැනීමට සමත් විය. බංග්ලාදේශ පිල වෙනුවෙන් නොදැවී ලකුණු 124 ක් රැස්කල සකීබ් අල් හසන් තරගයේ විරයායි.
මෙම ජයග්‍රහණයක් සමග බංග්ලාදේශ කණ්ඩායම ලකුණූ සටහනේ පස්වන ස්ථානයට පැමිණ තිබේ. ශ්‍රී ලංකාව හයවන ස්ථානයේ පසුවෙයි. ඔස්ට්‍රේලියාව පලමු ස්ථානයේ පසුවන අතර නවසීලන්තය. ඉන්දියාව සහ එංගලන්තය දෙවැනි තෙවැනි සහ සිව්වන ස්ථානවල පසුවෙයි.