Sun05312020

Last updateSat, 22 Feb 2020 6pm

Sport News

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ එංගලන්ත සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර තරගය සවුත්හැම්ටන් හිදී අද

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ එංගලන්ත සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර තරගය සවුත්හැම්ටන් හිදී අද පැවැත්වේ.  තරගය ශ්‍රි ලංකා වේලාවෙන් පස්වරු 3.00 ට ආරම්භවීමට නියමිතයි.   නවසීලන්ත කණ්ඩායම ලකුණු 7 ක් ලබා තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ සිටි..  ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 6 ක් ලබා දෙවන ස්ථානයේත් ඉන්දීය කණ්ඩායම ලකුණු 5 ත් ලබා 3 වන ස්ථානයේත් පසුවෙයි.  එංගලන්තය සහ ශ්‍රී ලංකාව ලකුණු 4 බැගින් ලබා පිළිවෙලින් සිව්වැනි සහ පස්වන ස්ථාන හිමි කරගෙන ඇත.

  මේ අතර ශ්‍රි ලංකාව සහභාගි වන මීළග තරගය ලන්ඩනයේ ඕවල් ක්‍රිඩාංගනයේදි  හෙට පැවැත්විමට නියමිතයි.  ශ5ි ලංකාව එහිදි  ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමග තරග වදි.   දකුණු අප්‍රිකාව හා ඇෆ්ගනිස්ථානය තරගයද  කාඩිෆ් හිදි   හෙට පැවැත්විමට නියමිතයි.