Thu10172019

Last updateTue, 18 Jun 2019 8am

Sport News

ක්‍රිකට් ලෝක කුසලානයේ ඊයේ ජය ඔස්ට්‍රේලියාවට

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ රාත්‍රි පැවති තරගයෙන් පකිස්ථානය පරදවා ලකුණු 41 ක ජයක් වාර්තා කිරීමට ඔස්ට්‍රේලියාව සමත් වෙයි.  ඔස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 49 කදී සියලු දෙනා දැවී ලකුණු 307 ක් රැස් කළේය.  ඩේවිඩ් වෝනර් ලකුණු 107 යි.  මොහොමඩ් අමීර් පකිස්ථානය වෙනුවෙන් කඩුලු 5 ක් බිඳහෙලීය.  දෙවනුව පන්දුවට පහරදීම සදහා පිටියට පිවිසි පකිස්ථාන කණ්ඩායමට පන්දුවාර 45 යි පන්දු 4 කදී සියලු දෙනා දැවී රැස් කරගත හැකි වුයේ ලකුණු 266 ක් පමණි.  ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව හා නවසීලන්තය අතර තරගය නොටිංහැම් හිදි අද පැවැත්වේ.