Sport News

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඔස්ට්‍රේලියාව හා පකිස්ථානය අතර තරගය අද

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඔස්ට්‍රේලියාව හා පකිස්ථානය අතර තරගය එංගලන්තයේ ටවුන්ටන් හිදි අද පැවැත්වේ. ශ්‍රිී ලංකා වේලාවෙන් පස්වරු 3.00 ට තරගය ඇරඹේ. ආබාධයකට ලක්ව සිටීම හේතුවෙන් ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක මාර්ක් ස්ටොයිනිස් අද තරගයට සහභාගි නොවේ. ඉදිරි තරගවලටද ඔහුට සහභාගී විීමට නොහැකි වුවහොත් ඔස්ට්‍රේලියානු සංචිතයට මිචෙල් මාෂ් කැඳවීම කෙරෙහි ඔස්ට්‍රේලියානු ක්‍රිකට් බලධාරීන්ගේ අවධානය යොමුවී තිබේ. ඔස්ට්‍රේලියානු කණ්ඩායම ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ සිව් වන ස්ථානයේ පසු වෙයි. පකිස්ථානය පසුවන්නේ 8 වන ස්ථානයේයි. තරගාවලියේ අපරාජිතව පසු වන නවසිලන්තය එම සටහනේ පෙරමුණේ සිටී. එංගලන්තය . ඉන්දියාව . ඔස්ට්‍රේලියාව හා ශ්‍රීී ලංකාව පිළිවෙලින් සෙසු ස්ථාන හිමි කර ගෙන සිටී. ශ්‍රීී ලංකා කණ්ඩායම සහභාගි වන මීළග තරගය ලබන සෙනසුරාදා පැවැත්වේ. එහිදී ශ්‍රී ලංකාව ඔස්ට්‍රේලියාව සමග තරග වදිනු ඇත.
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී කාලගුණය නිසා අතහැර දැමීමට සිදුවන තරග වෙනුවෙන් අතිරේක දින වෙන් කිරීමේ හැකියාවක් නැතැයි අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන විධායක ඩේවිඩ් රිචඩ්සන් කියයි. එසේ දින වෙන් කරන්නේ නම් තරගාවලිය පැවැත්වෙන කාලසීමාව දීර්ඝ වන බව ඔහු පෙන්වා දෙයි. එය ප්‍රායෝගිකව ඉටු කළ නොහැකි දෙයක් බව ඔහු සදහන් කරයි. දැනටමත් තරග 3 ක් අයහපත් කාලගුණය නිසා අත්හැර දැමීමට සිදු විය. ඒ සම්බන්ධයෙන් බොහෝ දෙනා විවිධ මත පළ කරමින් සිටිති. මෙම සතියේ තවත් එවැනි අවස්ථා උද්ගත වනු ඇති බවටද අනාවැකි පළ වී තිබේ.