Sport News

ලසිත් මාලිංගගෙන් විශිෂ්ට දස්කමක්

පැය 24 ක් තුළ කඩුඵ 10 ක් දවා ගනිමින් විශිෂ්ට දස්කමක් දැක්වීමට ලසිත් මාලිංග සමත් වෙයි.

ඔහු පසුගිය 3 වැනිදා රාත්‍රියේ ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේදී චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට එරෙහිව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙනුවෙන් කඩුඵ 3 ක් දවා ගත්තේය. මේ අතර ඊයේ ඇරඹුණු අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියේ දී මහනුවර කණ්ඩායමට එරෙහිව ගාල්ල කණ්ඩායම් නායක ලෙස ලසිත් මාළිංග  කඩුලු 7 ක් දවා ගැනීමට සමත් විය.