Sport News

ලෝක ශුරතා නෙට්බෝල් තරගාවලිය ඉලක්ක කර ශ්‍රී ලංකා නෙට්බෝල් සංචිතය තෝරා ගැනීම ජනවාරි මාසයේ

ලෝක ශුරතා නෙට්බෝල් තරගාවලිය ඉලක්ක කර ශ්‍රී ලංකා නෙට්බෝල් සංචිතය තෝරා ගැනීම ලබන ජනවාරි මාසයේ අරඹන බව ශ්‍රී ලංකා නෙට්බෝල් පුහුණුකාරිනි තිලකා ජිනදාස මෙනවිය කියයි. දිවයිනපුරා සිටින උස ක්‍රිඩිකාවන්ට එහිදී අවස්ථාව හිමිවෙයි. මිලග ලෝක ශුරතා නෙට්බෝල් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලෝකයේ හාඳම කණ්ඩායම් දහය අතරට එක්කිරීම ඉලක්කය බවද ඇය සදහන් කරයි. ලෝක ශුරතා තරගාවලිය පෙර අප්‍රිකානු හා යුරෝපිය තරග සංචාර දෙකකට ශ්‍රී ලංකා නෙට්බෝල් කණ්ඩායම සහභාගි කරවීමට ද සැලසුම් කර තිබේ. ලෝක ශුරතා නෙට්බෝල් තරගාවලිය ලබන වසරේ ජුලි මාසයේ එංගලන්තයේ ලිවර්පුල් හිදී පැවැත්වෙයි. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම සිම්බාබ්වේ . නෙදර්ලන්ත හා ඔස්ට්‍රෙිලියානු කණ්ඩායම් සමග තරග වදිනු ඇත.