Sport News

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු තරග සංචාරය අදින් ඇරඹෙයි

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු තරග සංචාරය අදින් ඇරඹෙයි. ඒ අනුව කණ්ඩායම් දෙක අතර පළමු විස්සයි විස්ස තරගය බ්‍රිස්බෙන්හිදී අද පැවැත්වීමට නියමිතයි. විස්ස විස්ස තරගාවලිය සඳහා ඉන්දීය කණ්ඩායමට විරාත් කෝලී නායකත්වය සපයන අතර ආරොන් ෆින්ච් ඕස්ට්‍රේලියානු කණ්ඩායමට නායකත්වය සපයයි. තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලියට අමතරව ටෙස්ට් තරග 4 කට සහ එක්දින තරග 3 කට ද ඉන්දියාව මෙහිදී සහභාගි වීමට නියමිතයි