Thu10172019

Last updateTue, 18 Jun 2019 8am

Sport News

ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ඉනිම සදහා ලකුණු 336 ක් රැස් කරයි

සංචාරක එංගලන්ත කන්ඩායම සහ ශ්‍රි ලංකා කන්ඩායම අතර මහනුවර පල්ලේකැලේ ක්‍රිඩාංගනයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වැනි දිනය අදයි. දෙවන දිනය ඊයේ නිමාවන විට පළමු ඉනිම සඳහා ශ්‍රි ලංකාව සියලු ක්‍රිඩකයන් දැවී ලකුණු 336 ක් ලබා ගත්තේය. රොෂේන් සිල්වා ලකුණු 85 ක් රැස්කලේය.

දිමුත් කරුණාරත්න රැස්කළ ලකුණු සංඛ්‍යාව 63 කි. ධනංජය ද සිල්වා ලකුණු 59 ක් රැස්කලේය. තරගයේ පළමු ඉනිම සඳහා එංගලන්ත කණ්ඩායම සියලු ක්‍රිඩකයන් දැවි රැස්කල ලකුණු සංඛ්‍යාව 290 කි.