Thu02222018

Last updateThu, 22 Feb 2018 8pm

Sport News

කොළඹ තර්ස්ටන් විදුහල සහ ඉසිපතන විදුහල අතර 55 වැනි සහෝදරයන්ගේ සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගය හෙට සහ අනිද්දා

කොළඹ තර්ස්ටන් විදුහල සහ ඉසිපතන විදුහල අතර 55 වැනි සහෝදරයන්ගේ සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගය හෙට සහ අනිද්දා කොළඹ එස් එස් සී පිටියේ දී පැවැත්වේ.  මේ දක්වා තර්ස්ටන් විදුහල තරග 5 ක්ද ඉසිපතන විදුහල තරග 4 ක් ජය ලබා ඇති අතර තරග 44 ක් අවසන් වී ඇත්තේ විසදුමකින් තොරවය.  අවසන් වරට තර්ස්ටන් විදුහල ජයගෙන ඇත්තේ 1992 වසරේදීය.  ඉසිපතන විදුහල 1999 දී ජයග්‍රහණයක් වාර්තා කොට තිබේ.  ඉසිපතන පිලේ නායකයා ලෙස අයන සිරිවර්ධන කටයුතු කරයි.  තර්ස්ටන් නායකයා වන්නේ නිපුන් ලක්ෂාන්ය.

ටෝස්ට්මාස්ටර්ස් විනෝදාත්මක ධාවන රැලිය හෙට

.ශ්‍රිී ලංකා මෝටර් රථ හා යතුරුපැදි ධාවකයන්ගේ සංගමයේ අධික්ෂණය යටතේ ටෝස්ට්මාස්ටර්ස් දිස්ත්‍රික් 82 සංවිධාන කරන ටෝස්ට්මාස්ටර්ස් විනෝදාත්මක ධාවන රැලිය හෙට පැවැත්වේ.  කිලෝමිටර් 110 ක දුරකින් යුත් රැලිය කොළඹ ශ්‍රීි ලංකා පදනම් ආයතනය අභියසින් පස්වරු 2.00 ට ඇරඹේ.  කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි ධාවන මග සකස් කර තිබෙ.්  කාණ්ඩ 3 ක් යටතේ කණ්ඩායම් 40 ක් රැලියට සහභාගි වෙයි.

විරාත් කෝලි තවත් කඩඉමක් පසුකරයි.

එක්දින හා ටෙස්ට් ජාත්‍යන්තර ශ්‍රේණිගතකිරීම්වලදී ලබාදෙන ලකුණු ක්‍රමයේදි ලකුණු 900 සිමාව ඉක්මවු දෙවන පිතිකරුවා බවට විරාත් කෝලි පත්වේ.  මෙම තරග රටා දෙකෙන්ම මිට පෙර මෙම දස්කම දක්වා තිබුනේ දකුණු අප්‍රිකානු පිතිකරු ඒ බි ඩිවිලියස්ය.  ටෙස්ට් ක්‍රිකට් ක්‍රිඩාවේ එදා මෙදාතුර හොදම ශ්‍රේණිගත නාමාවලියේ ඉහළින්ම සිටින බ්‍රයන් ලාරට පසුව දෙවන ස්ථානය විරාත් කෝලිට ලැබි ඇත.  එක්දින ශ්‍රේණිගත කිරීම් හී කෝලිට හත්වැනි ස්ථානය ලැබි ඇති අතර එහි ඉදිරියෙන්ම සිටින්නේ ලකුණු 935 ක් ලබා ඇති විවියන් රිචඩ්ස්ය.

නිදහස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ කාලසටහන එළිදැක්වේ.

නිදහස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ කාලසටහන නිකුත් කෙරේ.  ඒ අනුව ප්‍රථම තරගය ලබන මස 06 වැනිදා ශ්‍රි ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වේ.  බංග්ලාදේශය සහ ඉන්දියාව තරගවදින්නේ 8 වැනිදායි.  සියලුම කණ්ඩායම් අතර තරග දෙක බැගින් පැවැත්වේ.  අවසන් මහ තරගය පැවැත්වෙන්නේ මාර්තු 18 වැනිදායි.  සියලුම තරග කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිඩංගනයේ පැවැත්වේ.   මීට සහභාගි වන බංග්ලාදේශ සහ ඉන්දිය කණ්ඩායම් ලබන 04 වැනිදා දිවයිනට පැමිණෙති.

නිදහස් සමරු කුසලාන තුන්කොන් ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය ලබන මස 06 වැනිදා සිට කොළඹදී

ශ්‍රී ලංකාවේ 70 වන නිදහස් සමරුව නිමිත්තෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන නිදහස් සමරු කුසලාන තුන්කොන් ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිඩාංගනයේදී ලබන මස 06 වැනිදා ඇරඹේ.  ලබන මස 18 වැනිදා දක්වා පැවැත්වෙන තරගාවලියට ශ්‍රී ලංකාව. ඉන්දියාව හා බංග්ලාදේශය යන රටවල් සහභාගි වෙයි. 

Read more...