Wed01292020

Last updateTue, 17 Dec 2019 9am

Sport News

එංගලන්ත නවසිලන්ත පලමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ අවසන් දිනය අදයි

සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පලමු ටෙස්ට් තරගයේ අවසන් දිනය අදයි. දිවා ආහාරය සදහා අද .තරගය නතර කරන අවස්ථාව වනවිට සිය දෙවන ඉනිම ක්‍රිඩා ක රන එංගලන්තය කඩුලු 04 ක් දැවි ලකුනු 98 ක් ලබා සිටියේය. ඒ අනුව එංගලන්තය නවසීලන්තයට වඩා තවත් ලකුණු 164 ක් පිටුපසින් සිටි. එංගලන්තය පලමු ඉනිම සදහා රැස් කළ ලකුණු සංඛ්‍යාව 353 කි. ඊට පිළිතුරු වශයෙන් නවසිලන්තය සිය පලමු ඉනිම සදහා ලකුණු 615 ක් රැස් කළේය .

ඩේවිස් කුසලාන ටෙනිස් ශූරතාව ස්පාඤ්ඤය හිමිකර ගනී. අනු ශූරතාව කැනඩාවට හිමි විය. ස්පාඤ්ඤය ඩේවිස් කුසලානය මෙවර හිමි කර ගත්තේ හයවෙනි වරටයි

ක්‍රිකට් ලෝක කුසලානයේදී කොදෙව්වන් පැරදවූ බංග්ලාදේශට කඩුඵ 7 ක ජයක්

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ බටහිර ඉන්දීය කොදෙව් පිල සහ බංග්ලාදේශ පිල අතර ඊයේ පැවති තරගයෙන් කඩුඵ 7 ක ජයක් ලැබීමට බංග්ලාදේශ පිල සමත් වෙයි. මුලින්ම පන්දුවට පහර දුන් බටහිර ඉන්දීය කොදෙව් පිල නියමිත පන්දුවාර පනහ අවසානයේ කඩුඵ 8 ක් දැවී ලකුණු 321 ක් රැස් කළේය.

Read more...

ක්‍රිකට් ලෝක කුසලාන තරගයකදි පාකිස්ථානයට එරෙහිව ඉන්දියාවට ජය ගනී

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පාකිස්ථානයට එරෙහිව මැන්චෙස්ටර් නුවර ඊයේ පැවති තරගය ලකුණු 89 කින් ජයගැනීමට ඉන්දීය ක්‍රීඩකයෝ සමත්වූහ. වරින් වර පිටියට ඇද හැඑණු වර්ෂාව හේතුවෙන් තරගයේ ජය ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව තීරණය විය. කාසියේ වාසිය දිනු පාකිස්ථානය පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ඉන්දියාවට ලබාදුන්නේය. ඒ අනුව පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානායේ කඩුඑ 5 කට ලකුණු 336 ක් රැස් කිරීමට සමත්විය.

Read more...

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ බටහිර ඉන්දිය කොදෙව් සහ බංග්ලාදේශ කණ්ඩායම් අතර තරගය දැන් පැවැත්වේ

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර තරගය ටෝන්ටන් හි දී දැන් පැවැත්වේ.  කාසියේ වාසිය දිනු බංග්ලාදේශ කණ්ඩායමේ ඇරයුමෙන් පළමුවෙන් පන්දුවට පහර දෙන බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම මීට ස්වල්ප වේලාවකට පෙර ඕවර 46  ක් අවසානයේ කඩුලු 6  ක් දැවී ලකුණු 294   ක් ලබා සිටියේය.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ එංගලන්ත සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර තරගය සවුත්හැම්ටන් හිදී අද

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ එංගලන්ත සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර තරගය සවුත්හැම්ටන් හිදී අද පැවැත්වේ.  තරගය ශ්‍රි ලංකා වේලාවෙන් පස්වරු 3.00 ට ආරම්භවීමට නියමිතයි.   නවසීලන්ත කණ්ඩායම ලකුණු 7 ක් ලබා තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ සිටි..  ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 6 ක් ලබා දෙවන ස්ථානයේත් ඉන්දීය කණ්ඩායම ලකුණු 5 ත් ලබා 3 වන ස්ථානයේත් පසුවෙයි.  එංගලන්තය සහ ශ්‍රී ලංකාව ලකුණු 4 බැගින් ලබා පිළිවෙලින් සිව්වැනි සහ පස්වන ස්ථාන හිමි කරගෙන ඇත.

  මේ අතර ශ්‍රි ලංකාව සහභාගි වන මීළග තරගය ලන්ඩනයේ ඕවල් ක්‍රිඩාංගනයේදි  හෙට පැවැත්විමට නියමිතයි.  ශ5ි ලංකාව එහිදි  ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමග තරග වදි.   දකුණු අප්‍රිකාව හා ඇෆ්ගනිස්ථානය තරගයද  කාඩිෆ් හිදි   හෙට පැවැත්විමට නියමිතයි.

Subcategories