Sun11182018

Last updateSat, 17 Nov 2018 9am

Local News

ගොවි කම්කරු ජනතාවට සහන සලසන අයවැයක් මෙවර ඉදිරිපත් කර ඇතැයි විජිත් විජයමුණි සොයිසා ඇමතිවරයා කියයි.

රජය මෙවර ඉදිරිපත් කර ඇත්තේ ගොවි කම්කරු ජනතාවට සහන සලසන අයවැයක් බව විජිත් විජයමුණි සොයිසා මහතා කියයි. දිළිදු ජනතාවට ද එමගින් සහන ලැබී තිබේ. සමෘද්ධිලාභීන්ට . වකුගඩු හා පිළිකා රෝගීන්ට සහන සලසමින් මෙවර අයවැයෙන් දැවැන්ත සුභසාධන වැඩපිළිවෙලක් රටට හදුන්වා දී ඇතැයි ඇමතිවරයා පැවසුවේ ශ්‍රීි ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකදීය. රට මුල්‍ය කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමේ පළමු පියවර මෙවර අයවැයෙන් තබා තිබේ

Read more...

ජනාධිපතිතුමා ශ්‍රි ලංකා බංගලාදේශ ව්‍යාපාරික සමුඵවට සහභාගි වෙයි.

 


ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ තෙදින බංගලාදේශ නිල සංචාරයේ අවසන් දිනය අදයි. එතුමා අද පෙරවරුවේ රුඩිසන් බ්ලු හෝටලයේදි ආයෝජන සමුඵවට සහභාගි වු බව ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ චමුදිත සමරවික්‍රම මහතා පවසයි. . එම සමුඵවට ශ්‍රි ලංකා සහ බංගලාදේශ ආයෝිජකයෝ සියයක් පමණ සහභාගි වුහ. ශ්‍රි ලංකා බංගලාදේශ ආයෝජන හා වාණිජ මණ්ඩල. නියෝජනය කරමින් පිරිසක් ද ඊට එක්වුහ වසරකට . අමෙරිකන් ඩොලර් මිලියන 142 ක් වන දෙරට අතර වෙළෙඳ පිරිවැටුම ඉදිරි වසර කිහිපයේදි තෙගුණයකින් ඉහළ නංවා ගැනිම පිළිබඳව මීට පෙර ඇති කරගත් එකගතාව පිළිබඳව ද මෙම සමුඵවේදි අවධානය යොමු වී තිබෙ

Read more...

නවින තාක්ෂණයෙන් යුත් නව විද්‍යුත් ජාතික හැදුනුම්පත මේ වසරේදි


නවින තාක්ෂණයෙන් යුත් නව විද්‍යුත් ජාතික හැදුනුම්පත මේ වසරේදි හදුන්වා දෙන බව පුද්ගලයන් ලියාපදිංචි කිරිමේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා පවසයි. වයස අවුරුදු 15 ට වැඩි සියලු පුරවැසියන්ගේ ජිවදත්ත හා ජිවමිතික දත්ත ඊට ඇතුලත් වේ ඒ සදහා පුද්ගල නාම ලේඛණයක් ද සකස් කෙරේ. ඊට සුදුසුකම් ලබන ජනතාවගේ සංඛ්‍යාව එක්කෝටි හැටලක්ෂයකි.

Read more...

නවීන තාක්ෂණයේ අයහපත් පැතිකඩෙන් දරුවන් රැකගැනිමේ වගකිම ඉටු කරන බව ජනාධීපතිතුමා කියයි

නවීන තාක්ෂණයේ අයහපත් පැතිකඩෙන් වත්මන් දරු පරපුර රැක ගැනිමේ වගකිම  රජයක් ලෙස  උපරිමයෙන් ඉටු කරන බවට  ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා සහතික වෙයි.  කොළඹ  නෙඵම්පොකුණ රගහලේ අද පෙරවරුවේ පැවති  ෆාතිමා මුස්ලිම් කාන්තා විද්‍යාලයේ සියවස් සමරු උත්සවයට  ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් එතුමා ඒ බව සදහන් කළේය. මහනුවර ප සුගියදා ඇති වු සිද්ධි වලදි ෆේස්බුක් ඇතුඵ් වෙබ් අඩවි තාවකාලිකව අත්හිටුවිමට රජය ගත් පියවර පිළිබඳව එහිදි සිහිපත් කළ ජනාධිපතිතුමා  එය මාධ්‍ය නිදහස හෝ ජනතාවගේ මූලික අයිතිවාසිකම්  අහිමි කිරිමක් නොව අවස්ථානුකුල ගත යුතුව තිබු වැදගත් තීරණයක්  බව සදහන් කළේය.    එම තීරණය හේතුවෙන් රටේ සිදුවිමට ගිය  විශාල විනාශයක් වලක්වා ගැනිමට හැකිවිය.   රටත් ජනතාවත්  වෙනුවෙන් රජය ගත් එම පියවර ජාත්‍යන්තර සංවිධානවල පැසසුමට ලක්  වු බව  ජනාධිපතිතුමා පැවසිය සමාජයේ පවතින විවිධ අභියෝගිකාරි තත්ත්වයන්ගෙන් දරු  පරපුර ආරක්ෂා කර ගනිමින්  දරුවන්ට  අධ්‍යාපනය සමග ලබාදෙන දැනුම සේම ජිවිතය සමත්විම පිළිබඳව අවබෝධය ලබාදිම සදහා දෙමාපියන් . ගුරුවරුන් හා රජයක් වශයෙන් ඉටු කළ යුතු කාර්යයන් රැසක් පවතින බව එතුමා පෙන්වා දුන්නේය   දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් දෙමාපියන්  නිරතුරු අවධානයෙන් කටයුතු කළ යුතුය.   විභාග ප්‍රතිඵල නිකුත් විමේදි ඇතැම් දරුවන්ට දෙමාපියන්ගෙන් අත්විදිමට  සිදුවන  කණගාටුදායක සිද්ධි  සැලකිල්ලට ගෙන විභාග සදහා  දරුවන් සේම දෙමාපියන් ද සුදානම් කිරිමේ  වැඩසටහනක් ඉදිරියේදි ක්‍රියාත්මක කිරිමට රජය අපේක්ෂා කරන බව ද ජනාධිපතිතුමා පැවසිය

මධ්‍යම අධිවේගී මාර්ගයේ මිරිගම - කුරුණෑගල කොටස අතර ඉදිකිරිම් ළගඳීම .

 

මධ්‍යම අධිවේගී මාර්ගයේ මිරිගම - කුරුණෑගල කොටස අතර ඉදිකිරිම් ළගඳීම ආරම්භ කරන බව ව්‍යාපෘති අධ්‍යක්ෂ වී. මොහාන් මහතා පවසයි. ඉඩම් අත්පත් කර ගැනිමේ කටයුතු දැන් සිදුවෙමින් පවති. දේශිය කොන්ත්‍රාත්කරුවෝ ඉදිකිරිම් භාරව ක්‍රියා කරති. ඔවුන්ට වැඩ ආරම්භ කිරිමට අදාල මූලික ගෙවිම් ලබාදිම සදහා ඇමති මණ්ඩල අනුමැතියට ලබන සතියේ ඉදිරිපත් කරන බව හෙතෙම කියයි. කොන්ත්‍රාත්කරුවන්ට අවශ්‍ය උපකරණ මිලදි ගැනිමට හා ගබඩා පහසුකම් ලබාගැනිම වැනි මූලික කටයුතු සදහා මෙම මුදල් ඔවුන්ට ලබාදිය යුතු වේ.
මිරිගම සිට කුරුණෑගල දක්වා කොටසට කිලෝමිටර් 40 ක් අයත් වේ. එහි ඉදිකිරිම් වලින් මෙම වසරේ සියයට 30 ක්ද . ලබන වසරේ සියයට 40 ක්ද . නිම කිරිමට නියමිතයි. 2019 වසරේ අගෝස්තු මාසයේදි ඉදිකිරිම් සම්පුර්ණ කිරිම ඉලක්කයයි. ලෝක බැංකු ආධාර මේ සදහා හිමි වේ. වැය වන මුදල රුපියල් බිලියන 137 කි.

Subcategories

  • මේ වසරේදි දිවයින පුරා ආදර්ශ ගම්මාන 600 ක් ඉදිකිරීමට පියවර

    මේ වසර තුළ දිවයින පුරා  ආදර්ශ ගම්මාන  600 ක් ඉදිකරන බව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ලක්විජය සාගර පලන්සූරිය මහතා කියයි. ඒ සදහා අවශ්‍ය  භූමිය දැනටමත් හදුනාගෙන අවසන්ය. 2020 වනවිට ආදර්ශ  ගම්මාන 2500 ක් ඉදිකිරිම ඉලක්කයවී තිබේ.  සැමට සෙවන ජාතික නිවාස වැඩපිළිවෙලේ  පසුගිය අත්දැකිම් මේ සදහා යොදා ගැනේ.  අමාත්‍ය  සජිත් ප්‍රේමදාස මහතාගේ මෙහෙයවිම යටතේ වැඩපිළිවෙල ක්‍රියාත්මකයි . නිවසක සැබෑ අවශ්‍යතාව පවතින පුද්ගලයන් හදුනාගෙන ඔවුන්ට මෙම නිවාස  ලබාදීමට කටයුතු කෙරේ..  . මෙම වැඩපිළිවෙල  සදහා රජය වෙන් කර ඇති මුදල රුපියල්  මිලියන දසදහසකි.