Tue06252019

Last updateTue, 18 Jun 2019 8am

Local News

හිටපු ආරක්ෂක ලේකම්වරයාට එරෙහිව ගොනු කළ පෙත්සමට එරෙහිව මූලික විරෝධතා ඉදිරිපත් කිරීමට නිතිපතිවරයා සූදානම්

ඩී ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම වෙනුවෙන් ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් මුදල් යොදා ගැනීම පිලිබදව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ විභාග කෙරෙන නඩුවට එරෙහිව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ගොනුකල අභියාචනා පෙත්සමට එරෙහිව මූලික විරෝධතා ඉදිරිපත් කරන බව නිතිපතිවරයා අධිකරණයට ඊයේ දැනුම් දුන්නේය.

Read more...

හිටපු ඇමතිවරියක වන රේණුකා හේරත් මහත්මිය අභාවප්‍රාප්ත වෙයි.

හිටපු ඇමතිවරියක වන රේණුකා හේරත් මහත්මිය අභාවප්‍රාප්ත වෙයි.  මියයන විට ඇය 72 වන වියෙහි පසුවුවාය.  ඇය දැනට මධ්‍යම පළාත් සභාවේ විපක්‍ෂ නායිකාවයි.  ජනහමුවකට සහභාගී වෙමින් සිටියදී හදිසි හෘදයාබාධයක් හේතුවෙන් මීන දින කිහිපයකට පෙර ඇය රෝහල් ගතකරනු ලැබුවාය.  මහනුවර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ඇයගේ තත්ත්වය යහපත් අතට හැරුණද යළි රෝගී තත්ත්වය උත්සන්නවීම හේතුවෙන් ඊයේ රාත්‍රියේ ඇය අභාවප්‍රාප්ත වුවාය.

 1977 දී මුල්වරට එක්සත් ජාතික පක්‍ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසි රේණුකා හේරත් මහත්මිය 1988 දී සංස්කෘතික නියෝජ්‍ය ඇමති ධුරයට පත්වුවාය.  නුවරඑළිය දිසා ඇමතිනිය ලෙසද ඇය කටයුතු කළාය.  ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ පාලන සමයේ සෞඛ්‍ය හා වනිතා කටයුතු ඇමතිනිය වුයේ ඇයයි.  වසර 2000 දී පරාජයට පත්වීමෙන් පසුව මධ්‍යම පළාත් සභාවට තේරී පත්වු ඇය එහි විපක්‍ෂ නායක ධුරය දැරුවාය.  රේණුකා හේරත් මහත්මියගේ දේහය අද දහවල් මධ්‍යම පළාත් සභා පරිශ්‍රය වෙත ගෙන එන අතර මහජන ගෞරවය සදහා එහි තැන්පත් කර තැබේ.

හිටපු කතානායකවරයාගේ නීති විරෝධී ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් නෛතික පියවර

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම දක්ව වූ සියඑ කරුණු සම්බන්ධයෙන් හිටපු කථානායකවරයා සම්පූර්ණයෙන්ම වගකිව යුතු බව රජයේ මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. හිටපු කතානායකවරයාගේ මෙම නීති විරෝධී ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් නීති මාර්ගයෙන් ගත හැකි සෑම පියවරක්ම ගන්නා බව රඹුක්වැල්ල මහතා අවධාරණය කරයි. රටේ වත්මන් තත්ත්වය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා මහනුවර අද පැවති මාධ්‍ය සාකච්ඡාවකදී රඹුක්වැල්ල මහතා මේ බව සඳහන් කළේය

එහිදි වැඩිදුරටත් අදහස ්දැක්වු කෙහෙළිය රඹුක්වැල්ල මහතා පාර්ලිමේන්තුව විසුරුවා හැරිමට ජනාධිපතිතුමා ගත.් පියවරට එරෙහිව අවශ්‍ය නම් අධිකරණයක් හමුවට ගොස් පැහැදිලි කිරිමක් ලබාගත හැකි බව සදහන් කලේය

හිටපු ජනාධිපති ලේකම් ලලිත් විරතුංග මහතාට එරෙහි නඩුව අද යලි විභාගයට.

හිටපු ජනාධිපති ලේකම් ලලිත් විරතුංග මහතාට එරෙහිව ගොනු කර ඇති නඩුව කොළඹ මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේදි අද විභාගයට ගැණිනි. සිරිලිය සවිය සංවිධානයට ආනයනය කළ ගිලන්රථ දෙකක් හා බස් රථයක් සදහා ගෙවිය යුතු බදු මුදල් ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රතිපාදන වලින් ගෙවිමේ පදනම යටතේ එම වාහන මුදා හැරිමට අනුමැතිය ලබාදිම සම්බන්ධයෙන් ඔහු චෝදනා ලැබ සිටි.

Read more...

හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි ගාමිණි සෙනරත් මහතා ඇතුඵ තිදෙනාට ඇප නියම කෙරේ.

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි හිටපු ජනාධිපති කාර්ය මණ්ඩලයේ ප්‍රධානි ගාමිණි සෙනරත් මහතා ඇතුඵ තිදෙනා ඇපමත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද නියෝග

Read more...

Subcategories

  • මේ වසරේදි දිවයින පුරා ආදර්ශ ගම්මාන 600 ක් ඉදිකිරීමට පියවර

    මේ වසර තුළ දිවයින පුරා  ආදර්ශ ගම්මාන  600 ක් ඉදිකරන බව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ලක්විජය සාගර පලන්සූරිය මහතා කියයි. ඒ සදහා අවශ්‍ය  භූමිය දැනටමත් හදුනාගෙන අවසන්ය. 2020 වනවිට ආදර්ශ  ගම්මාන 2500 ක් ඉදිකිරිම ඉලක්කයවී තිබේ.  සැමට සෙවන ජාතික නිවාස වැඩපිළිවෙලේ  පසුගිය අත්දැකිම් මේ සදහා යොදා ගැනේ.  අමාත්‍ය  සජිත් ප්‍රේමදාස මහතාගේ මෙහෙයවිම යටතේ වැඩපිළිවෙල ක්‍රියාත්මකයි . නිවසක සැබෑ අවශ්‍යතාව පවතින පුද්ගලයන් හදුනාගෙන ඔවුන්ට මෙම නිවාස  ලබාදීමට කටයුතු කෙරේ..  . මෙම වැඩපිළිවෙල  සදහා රජය වෙන් කර ඇති මුදල රුපියල්  මිලියන දසදහසකි.