Tue12112018

Last updateFri, 07 Dec 2018 3pm

Local News

සිල්රෙදි බෙදාදීමේ නඩුවේ තීන්දුව ලබන මස 07 වැනිදා.


ඉකුත් ජනාධිපතිවරණ සමයේ සිල්රෙදි බෙදාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විභාග වන නඩුවේ තීන්දුව ලබන මස 07 වැනිදා ලබාදීමට නියමිතයි. අදාල නඩුව කොළඹ මහාධිකරණයේ විභාග වෙයි. රජයේ මුදල් අවභාවිතා කිරීමේ චෝදනාව යටතේ මෙම සිද්ධියට අදාලව චෝදනා ලබා සිටින්නේ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනුෂ පැල්පිටිය යන අයයි. ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට අයත් රුපියල් මිලියන 600 ක මුදලක් මෙම කටයුතු සදහා යොදා ගත්තේ යැයි මෙම නඩුව ගොනුකර තිබේ.

සිල්රෙදි සදහා මුදල් වැය කිරීම රජයේ ප්‍රතිපත්තිය නම් එය අයවැය යෝජනාවක් විය යුතුව තිබු බව ජනතා විමුක්ති පෙරමුණ පෙන්වා දෙයි.

විදුලි සංදේශ නියාමන කොමිසමේ රුපියල් කෝටි 60 ක මුදලක් සිල්රෙදි මිලදී ගැනීම සදහා වැය කිරීම රජයේ ප්‍රතිපත්තියක් බව පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද රාජපක්ෂ මහතා කරන ප්‍රකාශය කිසිසේත් පිළිගත නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණ කියයි.  එය රජයේ ප්‍රතිපත්තියක් නම් අයවැය යෝජනාවල ඒ බව සදහන් විය යුතුය.  විදුලි සංදේශ නියාමහන කොමිසමේ වාර්ෂික සැලැස්මේ ද එය සදහන් විය යුතුය.

Read more...

සිව් වැනි යොවුන් පාර්ලිමේන්තුවේ විශේෂ සැසිවාරයක් අද

සිව් වැනි යොවුන් පාර්ලිමේන්තුවේ විශේෂ සැසිවාරයක් මහරගම තරුණ මධ්‍යස්ථානයේ පිහිටි යොවුන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද පැවැත්වේ. අමාත්‍ය එස්. බි. දිසානායක. රාජ්‍ය අමාත්‍යවරුන්වන නිරෝෂන් පෙරේරා හා ඩිලාන් පෙරේරා යන මහත්වරු ප්‍රධාන ආරාධිතයෝ වෙති. මෙවර සැසිවාරය සදහා ආසියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදයේ හා එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ අනිකුත් සංවිධානවල නියෝජිතයන් 120 දෙනෙකු සහභාගි විීම විශේෂත්වයක් බව ජාතික තරුණ සේවා සභාවේ සභාපති හා අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ එරන්ද වැලිඅංගේ මහතා පවසයි.

සිසුන් තිස්දහසකට මෙවර විශ්ව විද්‍යාල වරම්

මෙවර උසස් පෙළ විභාගයෙන් සමත් 30 දහසක් විශ්ව විද්‍යාලයට බඳවා ගැනීමට අපේක්ෂා කරන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව සදහන් කරයි.  ඊට අදාල අයදුම්පත ඇතුලත් අත්පොත ලබන සතියේ අග වනවිට නිකුත් කිරිමට නියමිතයි. අත්පොත නිකුත් කිරිමෙන් පසු මසක් ඇතුළත ඔන්ලයින් ක්‍රමය ඔස්සේ පමණක් අයදුම්පත් ඉදිරිපත් කළ යුතුය. පසුගිය දා නිකුත් වු අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙල විභාගයේ ප්‍රතිඵල අනුව විශ්ව විද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලබා ඇති සංඛ්‍යාව එක්ලක්ෂ හැටතුන්දහස් එකසිය හතරකි.

සිසුන්ගේ අනාගතය අදුරු කරන දේශපාලන පක්‍ෂවලට කිසිවෙකුගේ හෝ සහාය නොලැබිය යුතු බව සාගල රත්නායක ඇමතිවරයා කියයි.

ප්‍රජාතන්ත්‍රවාදී අන්දමින් දේශපාලන කටයුතුවල නිරත විය නොහැකි පිරිස් තරුණ කොටස් අසහනයට පත් කරමින් තම දේශපාලන අරමුණු ඉටුකර ගැනීමට උුත්සාහ දරණ බව ඇමති සාගල රත්නායක මහතා කියයි. එලෙස සිසුන්ගේ අනාගතය අදුරු කිරීමට ක්‍රියාකරන දේශපාලන පක්‍ෂවලට කිසිවෙකු හෝ සහාය නොදිය යුතු බව ඇමතිවරයා අවධාරණය කරයි. අනාගත පරපුර යහමගට ගැනීම සැමගේ වගකීමකි.

Read more...

Subcategories

  • මේ වසරේදි දිවයින පුරා ආදර්ශ ගම්මාන 600 ක් ඉදිකිරීමට පියවර

    මේ වසර තුළ දිවයින පුරා  ආදර්ශ ගම්මාන  600 ක් ඉදිකරන බව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ලක්විජය සාගර පලන්සූරිය මහතා කියයි. ඒ සදහා අවශ්‍ය  භූමිය දැනටමත් හදුනාගෙන අවසන්ය. 2020 වනවිට ආදර්ශ  ගම්මාන 2500 ක් ඉදිකිරිම ඉලක්කයවී තිබේ.  සැමට සෙවන ජාතික නිවාස වැඩපිළිවෙලේ  පසුගිය අත්දැකිම් මේ සදහා යොදා ගැනේ.  අමාත්‍ය  සජිත් ප්‍රේමදාස මහතාගේ මෙහෙයවිම යටතේ වැඩපිළිවෙල ක්‍රියාත්මකයි . නිවසක සැබෑ අවශ්‍යතාව පවතින පුද්ගලයන් හදුනාගෙන ඔවුන්ට මෙම නිවාස  ලබාදීමට කටයුතු කෙරේ..  . මෙම වැඩපිළිවෙල  සදහා රජය වෙන් කර ඇති මුදල රුපියල්  මිලියන දසදහසකි.