Sun09232018

Last updateMon, 30 Jul 2018 10am

Local News

හෝමාගම නව අධිකරණ සංකිර්ණය ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පැවරීමට සියඵ කටයුතු සූදානම් .

හෝමාගම නව අධිකරණ සංකිර්ණය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ලබන මස  04 වැනිදා  ජනතා අයිතියට පැවරේ.   යුත්තිය පසිදලීමේ කාර්යභාරය ජනතාවට කාර්යක්ෂ්මව ඉටු කිරිම සදහා අධිකරණ අමාත්‍යංශය ක්‍රියාත්මක කර ඇති අධිකරණ සංකිර්ණ ඉදිකිරිමේ ව්‍යාපෘතිය යටතේ මෙය ඉදි කර තිබෙ.්

Read more...

ළමයින් වෙළෙඳ කටයුතුවල යොදවන පිරිස් පිළිබඳව දැනුම් දෙන්නැයි ජාතික ළමාරක්ෂක අධිකාරිය ජනතාවගෙන් ඉල්ලයි.

මුදල් ඉපැයීමේ පරමාර්ථයෙන් ළමයින් වෙළෙඳාම් කටයුතුවල යොදවන පිරිස් පිළිබඳව දැනුම් දෙන්නැයි ජාතික ළමාරක්ෂක අධිකාරි ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. ළගම ඇති පොලිස් ස්ථානයට හෝ ශ්‍රීී ලංකා ළමා දුරකතන සේවය වන 1929 මගින් ජාතික ළමාරක්ෂක අධිකාරියට එම තොරතුරු දැනුම්දිය හැකිය.  මුදල් ඉපැයීමේ පරමාර්ථයෙන් ළමයින් වෙළෙඳාම් කටයුතුවල යොදවන පාර්ශ්ව පිළිබදව සොයා බැලිමට අධිකාරිය දිවයිනේ තෝරා ගත් ප්‍රදේශ කිහිපයක විශේෂ පරීක්ෂණ කණ්ඩායම් යොදවා තිබේ. 

Read more...

ළමයින් සදහා පොෂණ වැඩසටහනක් තවත් පාසල් දහසකට ව්‍යාප්ත කෙරේ

පාසල් ළමයින් සදහා වන පෝෂණ වැඩසටහන තවත් පාසල් දහසකට ව්‍යාප්ත කෙරේ. ඒ අනුව මේ වසරේදී පාසල් හත්දහස් නවසිය හතරක සිසුන් දොලොස් ලක්‍ෂයකට නොමිලේ දිවා ආහාරය සැපයෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.  උතුරු නැගෙනහිර පළාත්වල සිසුන් 100 කට අඩු පාසල් මේ සදහා තෝරාගෙන ඇත.  වෙන්කර ඇති මුදල රුපියල් කෝටි 630 කි.  මෙම වැඩසටහනේ අරමුණ වන්නේ පාසල් සිසුන් අතර පවතින පෝෂණ ගැටඵ අවම කිරිීම. සිසුන්ගේ දෛනික පාසල් පැමිණීම වර්ධනය කිරීම. යහපත් ආහාර සහ සෞඛ්‍ය පුරුදුවර්ධනය කිරීමෙන් නිරෝගී ක්‍රියාශිලී දරු පරපුරක් බිහිකිරීමට දායකවීමයි.

Subcategories

  • මේ වසරේදි දිවයින පුරා ආදර්ශ ගම්මාන 600 ක් ඉදිකිරීමට පියවර

    මේ වසර තුළ දිවයින පුරා  ආදර්ශ ගම්මාන  600 ක් ඉදිකරන බව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ලක්විජය සාගර පලන්සූරිය මහතා කියයි. ඒ සදහා අවශ්‍ය  භූමිය දැනටමත් හදුනාගෙන අවසන්ය. 2020 වනවිට ආදර්ශ  ගම්මාන 2500 ක් ඉදිකිරිම ඉලක්කයවී තිබේ.  සැමට සෙවන ජාතික නිවාස වැඩපිළිවෙලේ  පසුගිය අත්දැකිම් මේ සදහා යොදා ගැනේ.  අමාත්‍ය  සජිත් ප්‍රේමදාස මහතාගේ මෙහෙයවිම යටතේ වැඩපිළිවෙල ක්‍රියාත්මකයි . නිවසක සැබෑ අවශ්‍යතාව පවතින පුද්ගලයන් හදුනාගෙන ඔවුන්ට මෙම නිවාස  ලබාදීමට කටයුතු කෙරේ..  . මෙම වැඩපිළිවෙල  සදහා රජය වෙන් කර ඇති මුදල රුපියල්  මිලියන දසදහසකි.