Thu11152018

Last updateWed, 14 Nov 2018 6pm

Local News

පාර්ලිමේන්තුව තුළදී සැමට අපක්‍ෂපාතීව කටයුතු කිරීමේ අවස්ථාව සලසා දී ඇතැයි කථානායකවරයා කියයි.


පාර්ලිමේන්තුවේදී සැම දෙනාට අපක්‍ෂපාතීව කටයුතු කිරීමට තමන් අවස්ථාව සලසා දී ඇතැයි කථානායක කරු ජයසුරිය මහතා කියයි. පසුගිය රජය සමයේ විපක්‍ෂයේ මන්ත්‍රිවරුන්ට අදහස් දැක්වීමට ඉඩක් නොතිබිණි. එහෙත් එම තත්ත්වය දැන් වෙනස් කර තිබේ පසුගිය අයවැය විවාදයේදී විපක්‍ෂයට වැඩි කාලයක් ලබාදුන් බව කථානායකවරයා සිහිපත් කරයි.

Read more...

පේරාදෙණිය නවකවද සිද්ධියේ සිසුන් යලි රිමානඩ්

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ නවකවද සිද්ධියේ සැකකාර සිසුන් 15 දෙනා ලබන 24 වැනිදා තෙක් යලි  රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද නියෝ්ග කලේය. එම විශ්ව විද්‍යාලයේ කෘෂි පිඨයේ සිසුන් 8 දෙනෙකු  බාහිර ස්ථානයකට ගෙන ගොස් නිරුවත් කොට අමානුෂික ලෙස නවක වදය ලබාදුන් බවට සැකපිට පොලිසිය ඔවුන්ව අත්අඩංගුවට ගත්තේය. සිසුන් සදහා ඇප ලබාදෙන්නැයි කල ඉල්ලිමද මහේස්ත්‍රාත්වරයා ප්‍රතික්ෂේප කලේය.

පොලොන්නරුව නව අධිකරණ සංකිර්ණය සදහා මුල්ගල තැබීම ජනපති ප්‍රධානත්වයෙන් හෙට.

පොලොන්නරුව නව අධිකරණ සංකිීර්ණය සදහා මුල්ගල තැබීම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හෙට පෙරවරුවේ සිදුවෙයි. වැය කෙරෙන මුදල රුපියල් 38 කෝටි 20 ලක්‍ෂයකි. දිර්ග කාලයක් තිස්සේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ අධිකරණ කාර්යාලවල පැවැති ඉඩකඩ ගැටඵවට විසදුම් ලබාදීමේ අරමුණින් ජනාධිපතිතුමාගේ විශේෂ ඉල්ලීමකට අනුව මෙම නව අධිකරණ සංකිීර්ණය ඉදිකෙරිණි. මහේස්ත්‍රාත් දිසා හා මහාධිකරණ . විනිසුරු නිල නිවාස. ලේඛණාගාර. කම්කරු විනිශ්චයසභා. නීතීඥ කාර්යාල. ආදියෙන් මෙම සංකිර්ණය සමන්විත වෙයි.

Read more...

මෙරට ජාතික සංහිදියාවට හා සංවර්ධනයට අඛණ්ඩව සහාය දක්වන බව යුරෝපා සංගමය පවසයි.

ශ්‍රී ලංකාවේ ජාතික සංහිදියා ක්‍රියාවලිය ගැන යුරෝපා සංගමය සතුටට පත්වන බව යුරෝපා සංගමයේ තානාපති තුන් ලායි මාග් මහතා පවසයි. වත්මන් රජය ඒ සදහා කැපවී ක්‍රියාකරයි. එබැවින් මෙරට සියඵ ජාතීන්ට සහයෝගීතාවයෙන් ජිවත්විමේ පරිසරය ඇති කිරීමට යුරෝපා සංගමයේ සියඵ රටවල සහාය ලබාදෙන බවද ඊයේ කොළඹ පැවැති උත්සවයකදී ඒ මහතා කීය. යුරෝපා සංගමය පිහිටුවීමට මුල් වු රෝම සම්මුතියට වසර 60 ක් පිරීම නිමිත්තෙන් එම උත්සවය පැවැත්වුණි.

Read more...

මේ වසරේ අවසන් කාර්තුවේදි ආර්ථික වර්ධනයේ ඉහළ යාමක්.

අයහපත් කාලගුණ තත්ත්වයේ  බලපෑම සහ ගෝලීය ආර්ථික අවිනිශ්චිතතාව පැවතියත් ප්‍රධාන  ආර්ථික  දර්ශකවල යහපත් වර්ධනය මෙන්ම ඉකුත්  වසරේ  අවසන් කාාර්තුවේ අඩු ආර්ථික වර්ධනයේ බලපෑම් හේතුවෙන් මේ වසරේ අවසන් කාර්තුවේදි  ආර්ථික වර්ධනය වඩා ඉහළ අගයක් ගැනිමේ  හැකියාව  තිබෙන බව ශ්‍රි ලංකා මහ බැංකුව සදහන් කරයි.  

Read more...

Subcategories

  • මේ වසරේදි දිවයින පුරා ආදර්ශ ගම්මාන 600 ක් ඉදිකිරීමට පියවර

    මේ වසර තුළ දිවයින පුරා  ආදර්ශ ගම්මාන  600 ක් ඉදිකරන බව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ලක්විජය සාගර පලන්සූරිය මහතා කියයි. ඒ සදහා අවශ්‍ය  භූමිය දැනටමත් හදුනාගෙන අවසන්ය. 2020 වනවිට ආදර්ශ  ගම්මාන 2500 ක් ඉදිකිරිම ඉලක්කයවී තිබේ.  සැමට සෙවන ජාතික නිවාස වැඩපිළිවෙලේ  පසුගිය අත්දැකිම් මේ සදහා යොදා ගැනේ.  අමාත්‍ය  සජිත් ප්‍රේමදාස මහතාගේ මෙහෙයවිම යටතේ වැඩපිළිවෙල ක්‍රියාත්මකයි . නිවසක සැබෑ අවශ්‍යතාව පවතින පුද්ගලයන් හදුනාගෙන ඔවුන්ට මෙම නිවාස  ලබාදීමට කටයුතු කෙරේ..  . මෙම වැඩපිළිවෙල  සදහා රජය වෙන් කර ඇති මුදල රුපියල්  මිලියන දසදහසකි.