Sat09222018

Last updateMon, 30 Jul 2018 10am

Local News

ධිීවර තහනම් පන්න ක්‍රම පිළිබඳ විමර්ශනයක් සිදුකිරීමට විත්වත් කමිටුවක්.

ධීවර කර්මාන්තයේ තහනම් පන්න ක්‍රම පිළිබඳව විමර්ශනයක් සිදුකිරීම සදහා විද්වත් කමිටුවක් පත්කෙරේ.  මහාචාර්ය සුනිල් ජයකොඩි මහතා එහි සභාපතිවරයායි.  මාස 6 ක් තුළ මේ හා සම්බන්ධ වාර්තා දෙකක් ඉදිරිපත් කළ යුතුවෙයි.  0112 521 932 දුරකථන අංකයට කථාකොට මේ පිළිබඳව ඕනෑම අයෙකුට තොරතුරු ලබාදිය  හැකිය.

Read more...

පවතින නියං තත්ත්වයෙන් වියලි කලාපයේ දිස්ත්‍රික්ක කිහිපයකට දැඩි බලපෑම්

පවතින නියං තත්ත්වයෙන් වියලි කලාපයේ දිස්ත්‍රික්ක කිහිපයකට දැඩි බලපෑම් එල්ල වෙයි. වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ පොළොන්නරුව හා අනුරාධපුර දිස්ත්‍රික්කවලටයි. මොණරාගල . පුත්තලම . වව්නියාව හා කුරුණෑගල බලපෑම් එල්ල වී ඇති සෙසු දිස්ත්‍රික්ක වෙයි. වැව්වල ජල මට්ටම සියයට 30 ත් 40 ත් අතර මට්ටමකට පහත වැටී ඇතැයි වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල් සමන් වීරසිංහ මහතා පවසයි

Read more...

පසුගිය රජය සිදුකළ සීමානිර්ණය පිළිගත නොහැකි විකෘති එකක් බව ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරයි.

 

පැවැති සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්විය යුතුයැයි ජනතා විමුක්ති පෙරමුණ සදහන් කරයි. අද පෙරවරුවේ එම පක්‍ෂ මුලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක මහතා පැවසුවේ පසුගිය රජය සිදුකල සීමානිර්ණය පිළිගත නොහැකි විකෘති එකක් බවයි. එබැවින් නිවැරදි සීමා නිර්ණයක අවශ්‍යතාව පවතී. පසුගිය පාලනයේ දුෂිතයන්ට දඩුවම් ලබාදීමට රජය අපොහොසත්වී ඇතැයිද ඔහු චෝදනා කළේය.

පහ වසර ශීෂ්‍යත්ව විභාගයේ පාසල් කඩඉම් ලකුණු නිකුත් කෙරේ.

මෙවර පහ වසර ශීෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අනුව පාසල්වලට ළමයින් ඇතුලත් කර ගන්නා කඩඉම් ලකුණු නිකුත් කෙරේ. ඒ අනුව කොළඹ රාජකීය විද්‍යාලය සහ කොළඹ විශාඛා විද්‍යාලයට සදහා අවශ්‍ය ලකුණු සංඛ්‍යාව 184 කි. මහනුවර ධර්මරාජ විද්‍යාලය සහ මහමායා බාලිකා විද්‍යාලය සදහා ලකුණු 181 ක්ද. කොළඹ ආනන්ද විද්‍යාලය සහ කුරුණෑගල මලියදේව විද්‍යාලය සදහා ලකුණු 180 ක්ද අවශ්‍ය වෙයි. කොළඹ දේවි බාලිකා විද්‍යාලය සදහා අවශ්‍ය ලකුණු සංඛ්‍යාව 179කි.

Read more...

පළාත් පාලන ඡන්ද විමසිම පැවැත්විම පිළිබඳව සාකච්ඡා කිරිමට මැතිවරණ කොමිසමේ සභාපතිවරයා දේශපාලන පක්ෂ නියෝජිතයන් හමුවෙයි.

පළාත් පාලන  ඡන්ද විමසිම පැවැත්විම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන  හා  නියෝජනය නොකරන  සියලුම දේශපාලන පක්ෂ සමග විශේෂ සාකච්ඡා දෙකක් අද පවත්වන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කියයි.  2013  සිට මතු වු සිමා නිර්ණය . සභික සංඛ්‍යාව තීරණය කිරිම ඇතුඵ ගැටඵ රැසක් හේතුවෙන් පළාත් පාලන  ඡන්ද විමසිම කල් දැමිමට සිදුවිය.  

Read more...

Subcategories

  • මේ වසරේදි දිවයින පුරා ආදර්ශ ගම්මාන 600 ක් ඉදිකිරීමට පියවර

    මේ වසර තුළ දිවයින පුරා  ආදර්ශ ගම්මාන  600 ක් ඉදිකරන බව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ලක්විජය සාගර පලන්සූරිය මහතා කියයි. ඒ සදහා අවශ්‍ය  භූමිය දැනටමත් හදුනාගෙන අවසන්ය. 2020 වනවිට ආදර්ශ  ගම්මාන 2500 ක් ඉදිකිරිම ඉලක්කයවී තිබේ.  සැමට සෙවන ජාතික නිවාස වැඩපිළිවෙලේ  පසුගිය අත්දැකිම් මේ සදහා යොදා ගැනේ.  අමාත්‍ය  සජිත් ප්‍රේමදාස මහතාගේ මෙහෙයවිම යටතේ වැඩපිළිවෙල ක්‍රියාත්මකයි . නිවසක සැබෑ අවශ්‍යතාව පවතින පුද්ගලයන් හදුනාගෙන ඔවුන්ට මෙම නිවාස  ලබාදීමට කටයුතු කෙරේ..  . මෙම වැඩපිළිවෙල  සදහා රජය වෙන් කර ඇති මුදල රුපියල්  මිලියන දසදහසකි.