Tue09182018

Last updateMon, 30 Jul 2018 10am

Local News

තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ ජාත්‍යන්තර සම්මන්ත්‍රණයක් කොළඹදී

තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර දිනය ලබන 28 වැනිදාට යෙදි තිබේ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශය සහ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව එක්ව ඒ නිමිත්තෙන් සංවිධාන කළ ජාත්‍යන්තර සම්මන්ත්‍රණයක් ලබන 28 සහ 29 යන දෙදින තුළ කොළඹදී පැවැත්වෙයි තොරතුරු දැන ගැනීම සහ මාධ්‍ය ප්‍රතිසංස්කරණ යන්න එහි තේමාවයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා එහි ප්‍රධාන ආරාධිතයායි සම්මන්ත්‍රණයට කලාපීය හා අන්තර් ජාතික විද්වත් නියෝජිතයෝ රැසක් සහභාගී වෙති
මෙම සම්මන්ත්‍රණයේ ප්‍රධාන අරමුණු දෙකක් මුල්කරගෙන පැවැත්වෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කියය තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ පණත ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් කලාපිය හා අන්තර්ජාතික අත්දැකිම් හා තාක්‍ෂණික දැනුම හුවමාරු කර ගැනීම පලමු අරමුණයි රටතුළ ප්‍රජාතන්ත්‍රවාදය සහ යහපාලනය මුල්කරගත් විශ්වාසනීය දේශපාලන සංස්කෘතියක් ස්ථාපනය කිරීම සදහා අවශ්‍ය ජනමාධ්‍ය ප්‍රතිසංස්කරණ පිළිබඳ ඵලදායි සංවාදයක් ගොඩනැංවීම දෙවැනි අරමුණයි දකුණු ආසියානු කලාපයට අමතරව යුරෝපය කැනඩාව ඇතුඵ රටවල් රැසක මාධ්‍ය ක්‍ෂේත්‍රයේ ප්‍රවීනයන්ගේ දැණුම හා ප්‍රායෝගික අත්දැකිම් ලබාගැනීම ශ්‍රී ලංකාවට මෙහිදී අවස්ථාව උදාවෙයි මෙම සම්මන්ත්‍රණයට සමගාමිව මෙරට ජනමාධ්‍යවේදීන්ට හා ප්‍රවෘත්ති නිලධාරීන්ට ජනසන්නිවේදනය පිළිබඳ විදේශීය පුහුණු අවස්ථා උදාකර ගැනීම පිළිබඳවද සාකච්ඡා කෙරේ සම්මන්ත්‍රණයට සහභාගී වන පකිස්තාන ජනමාධ්‍ය නිපුනතා කේන්ද්‍රයේ සහ නවදිල්ලියේ ජනසන්නිවේදනය පිළිබඳ ඉන්දීය ආයතනයේ ප්‍රධානීන් සමග සාකච්ඡා කර එම ශීෂ්‍යත්ව ක්‍රමය ඉදිරි මාස කිහිපය තුළ ක්‍රියාත්මක කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කියයි ඊට අමතරව මේ වනවිට ස්වාධීන මාධ්‍ය කොමිසමක් හා විකාශන අධිකාරියක් පිහිටුවීම සදහා කථිකාවක් සමාජගතවි ඇති බැවින් ඒ සදහා මග පෙන්විම් ලබාගැනීමටද මෙම සම්මන්ත්‍රණය ඉවහල් වනු ඇත සම්මන්ත්‍රණය සදහා අදාළ ක්‍ෂේත්‍රයේ දේශීය විද්වතුන්ට මෙන්ම මාධ්‍ය ආයතන හා සිවිල් සංවිධානවලටද ඇරයුම් කර තිබේ මහජනතාවටද ඒ සදහා සහභාගීවීය හැකිය

තොරතුරු දැනගැනීමේ පණතින් රටේ අලුත් සංස්කෘතියක් සහ පුර්ණ විප්ලවයක් සිදුවනු ඇතැයි අවධාරණය කෙරේ

තොරතුරු දැනගැනීමේ පණත ක්‍රියාත්මකවීම මගින් රටේ අලුත් සංස්කෘතිකයක් සහ පුර්ණ විප්ලවයක් සිදුවනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රි අජිත් මාන්නප්පෙරුම මහතා පවසයි. එහි බලය ජනතාව ලබා ගතයුතු බවද ඔහු අවධාරණය කරයි. මෙමගින් උගතුන් රටහැර යාම නවතිනු ඇති බවත් එය රටේ පුර්ණ සංවර්ධනයට ඉවහල් වනු ඇති බවත් හෙතෙම ප්‍රකාශ කරයි. මහජන මුදල් සොරාකෑමට තිත තැබෙන අතර සමානාත්මතාවයද තහවුරු වෙයි.

Read more...

දිගු කාලීන විදුලි ජනන සැලැස්ම ක්‍රියාත්මක කරන්නැයි ජනාධිපතිතුමාගෙන් ශ්‍රි ලංකා මහජන උපයෝගිතා කොමිසමට උපදෙස්

2018 - 2037 කාලය සඳහා පිළියෙල කළ දිගුකාලීන විදුලි ජනන සැලැස්ම ක්‍රියාත්මක කිරීමට අදාල ඉදිරි ක්‍රියාමාර්ග කඩිනමින් ගන්නැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ශ්‍රි ලංකා මහජන උපයෝගිතා කොමිසමට උපදෙස් දෙයි. එම සැලැස්ම කඩිනමින් ක්‍රියාත්මක කිරිම පිළිබඳව ජනාධිපති කාර්යාලයේ අද පැවති සාකච්ඡාවකදි එතුමා එම උපදෙස් දුන්නේය මෙරට ඉදිරි විදුලිබල අවශ්‍යතාව සපුරාලීම සඳහා 2018 සිට 2037 දක්වා කාලයේදි ඉදිකළ යුතු නව විදුලි බලාගාර ඇතුලත් දිගුකාලීන විදුලි ජනන සැලැස්ම ලංකා විදුලිබල මණ්ඩලය සකස්කර අනුමැතිය සඳහා ඉදිරිපත් කර තිබේ. එම සැලැස්ම ක්‍රියාත්මක කිරීම පිළිබඳ ගැටඑ ඇත්නම් සාකච්ඡා කර පවතින බාධා ඉවත්කර ගනිමින් එම කටයුතු කඩිනම් කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා නිලධාරින්ට පෙන්වා දුන්නේය. මහජනතාවගේ ගැටඑවලදී ඔවුන් පිඩාවට පත්විමට ඉඩ නොතබා මානුෂීය තින්දු තරණය ගැනිම අත්‍යාවශ්‍ය බව ජනාධිපතිතුමා අවධාරණය කලේය. දිගු කාලීන විදුලි ජනන සැලැස්ම කඩිනමින් ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලමින් සහ වෙනත් වෘත්තීය ගැටඑ කිහිපයක් මුල්කර ගනිමින් විදුලි ඉංජිනේරුවන් පසුගිය 08 වැනිදා ක්‍රියාත්මක කිරිමට සැලසුම් කර තිබු වෘත්තිය ක්‍රියාමාර්ගයෙන් ඉවත් වන ලෙස ද මෙහිදි ඉල්ලීමක් කළ ජනාධිපතිතුමා ඔවුන්ගේ සෙසු ඉල්ලිම් පිළිබඳව ඇමති මණ්ඩලයේදි සාකච්ඡා කර තීරණයටකට එළඹෙන බව සඳහන් කලේය.

දිවංගත අගමැති එස් ඩබ්ලිව් ආර් ඩි බණ්ඩාරනායක මැතිතුමාගේ 57 වන ගුණසමරුව ලබන සදුදා

දිවංගත අගමැති එස් ඩබ්ලිව් ආර් ඩි බණ්ඩාරනායක මැතිතුමාගේ 57 වන ගුණසමරුව ලබන සදුදාට යෙදි තිබේ. බණ්ඩාරනායක සමාධි පදනම ඒ නිමිත්තෙන් සංවිධානය කරන ගුණ සමරු උත්සවය හොරගොල්ල බණ්ඩාරනායක සමාධිය අභියසදි එදින පෙරවරු 08 30 ට ඇරඹෙයි. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා එහි ප්‍රධාන ආරාධිතයායි. එහිදි දිවංගත අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය හා හිටපු කතානායක අනුර බණ්ඩාරනායක මහතා ද සිහිපත් කෙරේ. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය ප්‍රමුඛ පවුලේ ඥාතිහු ඊට සහභාගිවෙති.

Read more...

දුෂ්කර ගමනක් පැමිණියද සම්මුතිවාදි රජය ජයග්‍රහණ රැසක් අත්කරගෙන ඇතැයි එස්. බී. දිසානායක ඇමතිවරයා පවසයි.

වත්මන් සම්මුතිවාදි රජය ගෙවීගිය දෙවසරක කාලය තුළ දුෂ්කර ගමනක් පැමිණියද එම ගමන්මගෙදි ජයග්‍රහණ රැසක් අත්කරගෙන ඇතැයි ඇමති එස්. බී . දිසානායක මහතා කියය.රාජපක්ෂ පාලන සමයේ ලබාගත් විශාල ණය බරක් වත්මන් රජය මත පැටවිණි. එම අර්බුදයෙන් ගොඩඒම සදහා විධිමත් රාමුවක් සකස් කිරිමට වත්මන් රජයට හැකි වී තිබෙ.් සියලු පක්ෂ වලට නිදහසේ අදහස් ප්‍රකාශ කිරිමට හැකි ප්‍රජාතන්ත්‍රවාදයක් රට තුළ පවතින බව ද ඇමතිවරයා පැවසිය. අන්තවාදිහු අතිතයේද විවිධ කඩාකප්පල්කාරී ක්‍රියාවල නිරත වූහ.

ඔවුන් කුමක් පැවසුවද උතුරේ හා දකුණේ ජනතාව සංහිදියාවෙන් ජීවත් විමට කැමැත්ත පළ කර තිබෙ.් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හදිසියේ සිදු කරන්නක් නොවේ. එමනිසා ඒ සම්බන්ධයෙන් ඇතැමුන් කරන ප්‍රකාශ වලට ජනතාව කලබල විය යුතු නැත. ජාතින් අතර මිත්‍රත්වය ගොඩනැගි ඇති බැවින් ජාතිවාදය ඇවිස්සිමට ගන්නා උත්සාහයන් අසාර්ථක වී ඇතැයි ද එස්. බ.ි දිසානායක ඇමතිවරයා පෙන්වා දුන්නේය .

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් උතුරු හා නැගෙනහිර පළාත් යලි ඒකාබද්ධ කරන බවට හා බුද්ධාගමට ඇති තැන අහිමි කරන බවට ඇතැමුන් කරන ප්‍රකාශවල කිසිදු සත්‍යයක් නැතැයි වැඩසටහනට එක් වූ ඇමති මනෝ ගනේෂන් මහතා පැවසිය. නව වසර තීරණාත්මක වසරක් වුවද එය සුබවාදි වසරක් වනු ඇතැයි ඇමතිවරයා විශ්වාසය පළ කළේය.

Subcategories

  • මේ වසරේදි දිවයින පුරා ආදර්ශ ගම්මාන 600 ක් ඉදිකිරීමට පියවර

    මේ වසර තුළ දිවයින පුරා  ආදර්ශ ගම්මාන  600 ක් ඉදිකරන බව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ලක්විජය සාගර පලන්සූරිය මහතා කියයි. ඒ සදහා අවශ්‍ය  භූමිය දැනටමත් හදුනාගෙන අවසන්ය. 2020 වනවිට ආදර්ශ  ගම්මාන 2500 ක් ඉදිකිරිම ඉලක්කයවී තිබේ.  සැමට සෙවන ජාතික නිවාස වැඩපිළිවෙලේ  පසුගිය අත්දැකිම් මේ සදහා යොදා ගැනේ.  අමාත්‍ය  සජිත් ප්‍රේමදාස මහතාගේ මෙහෙයවිම යටතේ වැඩපිළිවෙල ක්‍රියාත්මකයි . නිවසක සැබෑ අවශ්‍යතාව පවතින පුද්ගලයන් හදුනාගෙන ඔවුන්ට මෙම නිවාස  ලබාදීමට කටයුතු කෙරේ..  . මෙම වැඩපිළිවෙල  සදහා රජය වෙන් කර ඇති මුදල රුපියල්  මිලියන දසදහසකි.