Wed09192018

Last updateMon, 30 Jul 2018 10am

Local News

ජනාධිපතිතුමා හෙට ඉන්දියානු සාගර වටද්දර සංගමයේ රාජ්‍ය නායක සමුඵව අමතයි.

ඉන්දියානු සාගර වටද්දර සංගමයේ රාජ්‍ය නායක සමුඵවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා හෙට සහභාගී වෙයි. ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 1100 ට පමණ ජනාධිපතිතුමා එම සමුඵව ඇමතීමට නියමිතයි.  ජනාධිපතිතුමා අද පෙරවරුවේ ඉන්දුනිසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සංවිධානය කළ ශ්‍රී ලාංකිකයන් සහභාගී වු සුහද හමුවකට ද එක්විය.

ජාතික හෙල උරුමයේ නායකත්වයෙන් පුජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත ස්වාමින් වහන්සේ ඉවත්වෙති. - නව සම සභාපතිවරුන් දෙදෙනෙක්

 

ජාතික හෙල උරුමයේ නව සම සභාපතිවරු ලෙස පුජ්‍ය හැඩිගල්ලේ විමලතිස්ස ස්වාමින් වහන්සේ සහ නියෝජ්‍ය ඇමති කරුණාරත්න පරණවිතාන මහතා පත්වෙති. කොළම සුගතදාස ගෘහස්ථ ක්‍රිඩාංගනයේ අද පැවැති ජාතික හෙළ උරුමය 13 වැනි ජාතික සමුලුවේදි මෙම නව තෝරාපත් කර ගැනිම් සිදුකෙරිණි. ජාතික හෙළ උරුමයේ නායක පුජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත

Read more...

ජී.එස්.පී. බදු සහනය යලි ලබාගැනිමට පසුගිය රජය කිසිසේත් උනන්දු නොවු බවට චෝදනාවක්.

ජී.එස්.පී. බදු සහනය යලි ලබාගැනිමට පසුගිය රජය කිසිසේත් උනන්දු නොවු බව නියෝජ්‍ය ඇමති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කියයි . එම බදු සහනය රට අහිමි වූයේ ද පසුගිය රජයේ ක්‍රියා කලාපය හේතුවෙනි. ජාතික ගුවන්විදුලියේ සුභාරති වැඩසටහනට අද පෙරවරුවේ එක්වෙමින් ඔහු පැවසුවේ වත්මන් රජය එම බදු සහනය යලි ලබාගැනිමට සුවිශේෂි කාර්යභාරයක් ඉටු කළ බවයි. එහිදි අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ කැපවිම විශේෂයෙන් අගය කළ යුතුය.

Read more...

තරුණ තරුණියන්ට හොද රැකියා ලබාදිමට මහා පරිමාණ ආයෝජන අවශ්‍ය බව අගමැති කියයි

මහා පරිමාණ ආයෝජකයන් රටට රැගෙන විත් තරුණ තරුණියන්ගේ රැකියා ගැටලු විසදිමට මේ වසරේ ප්‍රමුඛතාව ලබාදෙන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. එමගින් ස්ථාවර ආර්ථිකයක් බිහිකිරිම අරමුණයි. හබරකඩ . රනාල නල ජල සැපයුම වැඩිදියුණු කිරිමේ ව්‍යාපෘතිය ආරම්භ කිරිමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව කිවේය.

Read more...

තාක්ෂණික නගරය සදහා මුල්ගල තැබීම අගමැති ප්‍රධානත්වයෙන් හෙට.

බස්නාහිර මහනගර සංවර්ධන සැලැස්මට අයත් තාක්ෂණික නගරයේ පලමු අදියර සදහා හෙට මුල්ගල් තැබේ. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එහි ප්‍රධාන ආරාධිතයායි. පාඨලි චම්පික රණවක. සුසිල් ප්‍රේමජයන්ත. ලක්ෂ්මන් කිරිඇල්ල යන ඇමතිවරු ද ලසන්ත අලගියවන්න නියෝජ්‍ය ඇමතිවරයා ද එම අවස්ථාවට එක්වෙති. හෝමාගම ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ පරිශ්‍රය සහිත මහහේන කලාපයේදී එය ඉදිකෙරේ. ජාතික විද්‍යා මධ්‍යස්ථානයක් . චන්ද්‍රිකා මධ්‍යස්ථානයක් හා තාක්ෂණික විශ්ව විද්‍යාලයක් ඇතුඵ තාක්ෂණික මධ්‍යස්ථාන පහක් එම තාක්ෂණික නගරයට ඇතුලත්ය.

Read more...

Subcategories

  • මේ වසරේදි දිවයින පුරා ආදර්ශ ගම්මාන 600 ක් ඉදිකිරීමට පියවර

    මේ වසර තුළ දිවයින පුරා  ආදර්ශ ගම්මාන  600 ක් ඉදිකරන බව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ලක්විජය සාගර පලන්සූරිය මහතා කියයි. ඒ සදහා අවශ්‍ය  භූමිය දැනටමත් හදුනාගෙන අවසන්ය. 2020 වනවිට ආදර්ශ  ගම්මාන 2500 ක් ඉදිකිරිම ඉලක්කයවී තිබේ.  සැමට සෙවන ජාතික නිවාස වැඩපිළිවෙලේ  පසුගිය අත්දැකිම් මේ සදහා යොදා ගැනේ.  අමාත්‍ය  සජිත් ප්‍රේමදාස මහතාගේ මෙහෙයවිම යටතේ වැඩපිළිවෙල ක්‍රියාත්මකයි . නිවසක සැබෑ අවශ්‍යතාව පවතින පුද්ගලයන් හදුනාගෙන ඔවුන්ට මෙම නිවාස  ලබාදීමට කටයුතු කෙරේ..  . මෙම වැඩපිළිවෙල  සදහා රජය වෙන් කර ඇති මුදල රුපියල්  මිලියන දසදහසකි.