Sat09222018

Last updateMon, 30 Jul 2018 10am

Local News

ගාලු දිස්ත්‍රික් නිල මෙහෙවර ජනපති ජනතා සේවය ඇරඹෙයි.


ගාලු දිස්ත්‍රික් නිල මෙහෙවර ජනපති ජනතා සේවයේ පලමු වැඩසටහන අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් නියාගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේදි අද පැවැත්විණ. පෝද්දිවෙල විද්‍යාල භුමියේ පැවැති මෙම වැඩසටහන මගින් ජනතා ගැටලු රැසකට පිලිතුරු ලබාදිමට හැකිවු බව නියාගම ප්‍රාදේශිය ලේකම් ප්‍රදිප් කුමාර මහතා පවසයි

Read more...

ජගත් මානව හිමිකම් කවුන්සලයේ නිර්දේශ සම්බන්ධීකරණයට ඇමති අනු කමිටුවක්.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ නිර්දේශ සම්බන්ධීකරණය කිරීම සදහා ඇමති අනුකමිටුවක් පත් කෙරේ.  අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් හා අදාළ සෙසු ඇමතිවරුන්ගේ සහභාගීත්වයෙන් එම කමිටුව පත්කර තිබේ.  කමිටුවට සහායවීම සදහා නිලධාරී කමිටුවක්ද පත් කෙරේ.  අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඒ සදහා ඉදිරිපත් කළ යෝජනාවකට ඇමති මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.  2015දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේදී ශ්‍රී ලංකාව එකග වු ක්‍රියාකාරකම් ක්‍රියාත්මක කිරීමට තවත් වසර දෙකක් ලබාගැනීමට පසුගිය මාර්තු මාසයේ පැවැති සැසිවාරයේදී ශ්‍රී ලංකාවට හැකිවිය.  එම කවුන්සලය හා සෙසු සාමාජික රටවලින් තවදුරටත් අවශ්‍ය තාක්‍ෂණික සහාය හා සෙසු සහාය ලබාගැනීම සදහා මෙම ඇමති කමිටුව පත්කර තිබේ.

ජනමතවිචාරණයක් අවශය ව්‍යවස්ථා සංශෝධනවලට එකග නොවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තීරණයක්.

මෙරට යුද අපරාධ පිළිබඳව පරීක්ෂණ සදහා විදේශ විනිසුරුවරුන් සම්බන්ධ කර නොගන්නා බව ඊයේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ප්‍රකාශ කළ බව අමාත්‍ය විජිත් විජිතමුණි සොයිසා මහතා පවසයි.

Read more...

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ශ්‍රී ලංකාවේ වේලාවෙන් හෙට අලුයම එක්සත් ජාතින්ගේ මහා මණ්ඩල සැසිවාරය අමතයි.

ශ්‍රීි ලංකාවේ නව පරිවර්තනය ලොවටම ආදර්ශයක් බව ඇමරිකානු ජනාධිපතිවරයා කියයි. ශ්‍රිී ලංකාවේ දැනට සිදුවන පරිවර්තනය ලොවටම ආදර්ශයක් බව ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා මහතා කියයි. ශ්‍රීී ලංකාවේ ඉදිරි ගමන් මගට ලබාදිය හැකි සෑම සහායක්ම ලබා දෙන බවට ඔහු සහතික වෙයි. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා හමුවු අවස්ථාවේ ඔබාමා මහතා මේ කරුණු සදහන් කළේය. රාජ්‍ය නායකයන් වෙනුවෙන් ඇමරිකානු ජනාධිපතිවරයා පිරිනැමු රාත්‍රි භෝජන සංග්‍රහයට ද මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා ඇරයුම් ලැබ සිටියේය.
ඇමරිකානු ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ සමුඵව ඇමතූ අවසන් අවස්ථාව මෙයයි. සමුඵව අමතමින් ත්‍රස්තවාදී ක්‍රියා දැඩි ලෙස හෙලාදුටු ඔබාමා මහතා එම ව්‍යසනයෙන් මිදීම සදහා ගෝලීය සහයෝගිතාවක අවශ්‍යතාව අවධාරණය කළේය.

ජනාධිපතිතුමා වත්මන් දේශපාලන කටයුතු සහ පළාත් සංවර්ධනය පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සංවිධායකවරුන් සමග සාකච්ඡාවක.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ආසන සංවිධායකවරුන් හමුවෙයි.  ජනාධිපති මන්දිරයේදී අද දහවල් එම හමුව සිදුවිය.  වත්මන් දේශපාලන කටයුතු සහ පළාත් සංවර්ධන කටයුතුවල කාර්යක්‍ෂ්මතාව ඉහළ නංවාගැනීම පිළිබඳව එහිදී දිර්ග වශයෙන් සාකච්ඡා කෙරිණි.

Read more...

Subcategories

  • මේ වසරේදි දිවයින පුරා ආදර්ශ ගම්මාන 600 ක් ඉදිකිරීමට පියවර

    මේ වසර තුළ දිවයින පුරා  ආදර්ශ ගම්මාන  600 ක් ඉදිකරන බව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ලක්විජය සාගර පලන්සූරිය මහතා කියයි. ඒ සදහා අවශ්‍ය  භූමිය දැනටමත් හදුනාගෙන අවසන්ය. 2020 වනවිට ආදර්ශ  ගම්මාන 2500 ක් ඉදිකිරිම ඉලක්කයවී තිබේ.  සැමට සෙවන ජාතික නිවාස වැඩපිළිවෙලේ  පසුගිය අත්දැකිම් මේ සදහා යොදා ගැනේ.  අමාත්‍ය  සජිත් ප්‍රේමදාස මහතාගේ මෙහෙයවිම යටතේ වැඩපිළිවෙල ක්‍රියාත්මකයි . නිවසක සැබෑ අවශ්‍යතාව පවතින පුද්ගලයන් හදුනාගෙන ඔවුන්ට මෙම නිවාස  ලබාදීමට කටයුතු කෙරේ..  . මෙම වැඩපිළිවෙල  සදහා රජය වෙන් කර ඇති මුදල රුපියල්  මිලියන දසදහසකි.