Wed09192018

Last updateMon, 30 Jul 2018 10am

Local News

ආපදා කළමනාකරණයේදී ජනතාවගේ පුර්ණ සහාය රජයට අත්‍යවශ්‍ය බව අවධාරණය කෙරේ.

රටක් සංවර්ධනය කිරීමේ දී පාරිසරික හානි අවම කර ගනිමින් කටයුතු කිරීම වැදගත් බව ශ්‍රීි ලංකා නිදහස් පක්ෂයේ දෙහිවල ප්‍රධාන සංවිධායක ජ්‍යෙෂ්ඨ නීතිඥ කීර්ති උඩවත්ත මහතා පවසයි.  වර්තමානයේ අප මුහුණ දෙන ස්වභාවික විපත් සදහා ප්‍රධාන හේතුව වී ඇත්තේ මිනිසා විසින් සිදු කරනු ලබන පාරිසරික විනාශයන්ය.  වනාන්තර හෙලිපෙහෙලි කිරීම . කදුකර ප්‍රදේශවල පතල් කැනීම වැනි කටයුතු ස්වභාවික පරිසරය විනාශ වීමට ප්‍රධාන සාධක වී ඇතැයි හෙතෙම කියයි.  මේ සඳහා  නීතිරීති ශක්තිමත් කරමින් කටයුතු කිරීමට ජනාධිපතිතුමා අදාල අංශ වෙත උපදෙස් දී තිබේ.  වනගහනය ඉහල නැංවීමේ වැඩපිළිවෙලක් ද ක්‍රියාවට නැංවේ.  ආපදා කළමනාකරණයේදී ජනතාවගේ පුර්ණ සහාය රජයට අත්‍යවශ්‍ය වේ.

Read more...

ඉන්දු ශ්‍රී ලංකා සබඳතා ශක්තිමත් කර ගැනීමට ශ්‍රී ලංකා අගමැතිවරයා ඉටුකල මෙහෙවර ඉන්දීය ස්වදේශීය කටයුතු ඇමතිවරයාගේ ඇගයීමට.

පසුගිය වසර දෙකක කාලය තුළ ඉන්දු ශ්‍රී ලංකා සබඳතා යළිත් ශක්තිමත් හා ගැඹුරු තලයකට පත්ව ඇතැයි ඉන්දිය ස්වදේශ කටයුතු ඇමති රාජ්නාත් සිං මහතා කියයි.  එම තත්ත්වය උදාකරගැනීම සදහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිදුකල සේවාව ඔහුගේ ඇගයීමට ලක්වෙයි.  නවදිල්ලියේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ දුත පිරිස හමුවු අවස්ථාවේ ඔහු පැවසුවේ වසර දහස් ගණනක් තිස්සේ දෙරට අතර ඵෙතිහාසික සංස්කෘතික ජනවාර්ගික හා ශීෂ්ටාචාරය සබඳතා පැවතුනද විවිධ අවස්ථාවල එම සබඳතා යම් යම් පඵදුවීම්වලට ලක්වු බවයි.  

Read more...

ඉන්දු ශාන්තිකර කලාපයේ සාමය සහ නිදහස් සාගර ගමනාගමනය තහවුර කිරිමේ අවශ්‍යතාව අගමැති පෙන්වා දෙයි.

මෙරට වරාය විදේශිය හමුදා කටයුතු සදහා භාවිතයට ඉඩක් නැති බව අගමැති අවධාරනය කරයි.
දකුණු ආසියානු සහ බෙංගාල බොක්ක කලාපිය රටවල අනාගත ජනගහනය ඉලක්ක කොට අනාගත ආයෝජන හා නිෂ්පාදන සැලසුම් සකස් කිරිමේ වැදගත්කම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙයි. මෙම කලාපයේ ජනගහනය ඉදිරි වසර 20 ක කාලය ඇතුලත මිලියන 250 දක්වා ඉහල යනු ඇත.

ඒ අනුව සැලසුම් සකස් කිරිම ජපාන රජයට පමණක් නොව ජපාන පෞද්ගලික ව්‍යවසායකයන් මත පැවරෙන වගකිමක් බව වික්‍රමසිංහ මහතා කියා සිටි. ජපානයේ ඊයේ පැවැති ප්‍රධාන පෙලේ ව්‍යවසායකයන් සහභාගි වු ව්‍යාපාරික සමුලුව අමතමින් අගමැතිවරයා මේ බව සදහන් කලේය. ජපාන විදේශ වෙළෙද සංවිධානය. ජපාන වෙළෙද හා කර්මාන්ත මණ්ඩලය. ජපාන ශ්‍රි ලංකා ව්‍යාපාරික සහයෝගිතා කම්ටුව. ජපානයේ නව බලශක්ති හා කර්මාන්ත තාක්ෂණ සංවර්ධන සංවිධානය එක්ව සමුලුව සංවිධානය කර තිබිණ.

ගෝලිය පරිසරය පිලිබදව ශ්‍රි ලංකාවේ කියවිම හා ජපානයේ වැදගත්කම යන්න වික්‍රමසිංහ මහතාගේ දේශනයෙහි තේමාව විය. අනාගත ලෝකයේ වැදගත්ම කලාපය බවට ඉන්දු ශාන්තිකර සාගර කලාපය පත්වන බව අවධාරනය කල අගමැතිවරයා එම කලාපයේ නිදහස් සාගර ගමනාගමනය තහවුරු කිරිම සහ සාමය ආරක්ෂා කිරිම සදහා කලාපයේ රටවල් ක්‍රියාකල යුතු බව පෙන්වා දුන්නේය. කලාපිය සාමය හා ආරක්ෂාව වෙනුවෙන් ශ්‍රි ලංකාව වගකිම් සහිතව කැපවි සිටි. රටේ කිසිදු වරායක් කිසිදු අවස්ථාවක විදේශිය හමුදා කාර්යයන් සදහා භාවිතා කිරිමට ඉඩක් නැත. රටේ වරායන්හි ආරක්ෂිත වගකිම් පැවරි ඇත්තේ ශ්‍රි ලංකා නාවික හමුදාවට පමණක් බවද අග්‍රාමාත්‍යවරයා කියා සිටියේය


මෙහිදි අදහස් දැක්වු අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා අයෝජකයන් සහ ව්‍යවසාකයන් වෙනුවෙන් මිත්‍රශිලි වටපිටාවක් ශ්‍රි ලංකාවෙහි දැන් සකස් කරමින් පවතින බව පැවසිය. එක් ආයතනයක් හරහා සියලු කාර්යයන් ඉටුකර ගැනිමට හැකි වන අයුරින් නිති සම්මත කර ගැනිමට ද රජය ක්‍රියාකරන බව හෙතෙම පෙන්වා දුන්නේය.. අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතාද ව්‍යාපාරික සමුලුව ඇමතිය.

එක්සත් ජාතික පක්ෂයේ තවත් සාමාජික ප්‍රවර්ධන ුවැඩසටහනක් අගමැති ප්‍රධානත්වයෙන් හෙට හැටන් නගරයේදි

 

එක්සත් ජාතික පක්ෂයේ සාමාජික ප්‍රවර්ධන වැඩසටහන් මාලාවේ තවත් වැඩසටහනක් හැටන් නගරයේදි හෙට පැවැත්වෙයි. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස ඊට එක්වෙයි. වැලිමඩ නුගතලාවේදි අද සාමාජිකත්ව ප්‍රවර්ධන වැඩසටහනක් පැවැත්විණ. මේ අතර ඇමති ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රධානත්වයෙන් පඩුවස්නුවර

Read more...

කැලණි ගගේ ගංවතුර ආරක්ෂණ බැමි වැඩිදියුණු කෙරේ.

කැලණි ගගේ ගංවතුර ආරක්ෂණ බැමි සංවර්ධනයට රජයේ අවධානය යොමුවෙයි. කැලණිගගේ ද්‍රෝණියෙන් තුනෙන් දෙකක ප්‍රදේශයක් ගංවතුරට ගොදුරු වෙයි. කොළඹ නගරය හා කැලණි නගරය ගංවතුරෙන් ආරක්ෂා කර ගැනීම සදහා ගංවතුර ආරක්ෂණ වැඩපිලිවලක් අත්‍යාවශ්‍ය බව ඊට අදාල ඇමති මණ්ඩල යෝජනාව ඉදිරිපත් කරමින් විජිත් විජයමුණි සොයිසා අමාත්‍යවරයා පවසයි. එම යෝජනාවට මෙවර ඇමති මණ්ඩලයේදී අනුමැතිය පලව තිබේ. මෙම ව්‍යාපෘතියට වැය කරන මුදල රුපියල් මිලියන දහසකි.

Subcategories

  • මේ වසරේදි දිවයින පුරා ආදර්ශ ගම්මාන 600 ක් ඉදිකිරීමට පියවර

    මේ වසර තුළ දිවයින පුරා  ආදර්ශ ගම්මාන  600 ක් ඉදිකරන බව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ලක්විජය සාගර පලන්සූරිය මහතා කියයි. ඒ සදහා අවශ්‍ය  භූමිය දැනටමත් හදුනාගෙන අවසන්ය. 2020 වනවිට ආදර්ශ  ගම්මාන 2500 ක් ඉදිකිරිම ඉලක්කයවී තිබේ.  සැමට සෙවන ජාතික නිවාස වැඩපිළිවෙලේ  පසුගිය අත්දැකිම් මේ සදහා යොදා ගැනේ.  අමාත්‍ය  සජිත් ප්‍රේමදාස මහතාගේ මෙහෙයවිම යටතේ වැඩපිළිවෙල ක්‍රියාත්මකයි . නිවසක සැබෑ අවශ්‍යතාව පවතින පුද්ගලයන් හදුනාගෙන ඔවුන්ට මෙම නිවාස  ලබාදීමට කටයුතු කෙරේ..  . මෙම වැඩපිළිවෙල  සදහා රජය වෙන් කර ඇති මුදල රුපියල්  මිලියන දසදහසකි.