Thu09202018

Last updateMon, 30 Jul 2018 10am

Local News

2030 වනවිට ශ්‍රි ලංකාව ඉහළ ආදායම් ලබන රටක් බවට පත් කිරිම ඉලක්කය බව අගමැතිවරයා කියයි.

වසර 2030 වනවිට ශ්‍රි ලංකාව ඉහළ ආදායම් ලබන රටක් බවට පත් කිරිම ඉලක්කය බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසය.ි ඒ සදහා ග්‍රාමිය ආර්ථිකය නංවාලිමේ පැහැදිලි වැඩපිළිවෙලක් රජය සතුය. රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයට අලුතින් බඳවාගත් දහසකට පත්විම් ලිපි ප්‍රදානය නිමිත්තෙන් අරලියගහ මන්දිරයේ අද පෙරවරුවේ පැවති උත්සවයක් අමතමින් අගමැතිවරයා මේ කරුණු සදහන් කළේය රට පෙරට ගෙනයාම රජයට තනිව කළ හැක්කක් නොවේ.

Read more...

අන්තර් දූපත් සංචාරක සමුඵව ගාල්ලේදී .

අන්තර් දූපත් සංචාරක සමුඵව ගාල්ලේදී අද ඇරඹේ . මෙවර එම සමුඵව දකුණූ පලාත කේන්ද්‍ර කර ගනිමින් දින 3 ක් පැවැත්වීමට අන්තර් දූපත් ජාත්‍යන්තර මහ සභාව තීරණය කර තිබේ. සත්කාරක පලාත් සභාව දකුණු පලාත් සභාවයි. එහි සභාපතිධූරය දකුණු පලාත් ආණ්ඩුකාර ආචාර්යය හේමකුමාර නානායක්කාර මහතාට හිමිව තිබේ.

Read more...

අභාවප්‍රාප්ත ප්‍රවිණ මාධ්‍යවේදි ආචාර්ය ආරියදාස පීරිස් මහතාගේ දේහය පිලිබද අවසන් කටයුතු බොරැල්ල කනත්තේදි

අභාවප්‍රාප්ත ප්‍රවිණ මාධ්‍යවේදි ආචාර්ය ආරියදාස පීිරිස් මහතාගේ දේහය පිලිබද අවසන් කටයුතු ලබන ඉරිදා පස්වරු 4 00 ට බොරැල්ල කනත්තේදි සිදුකෙරේ1951 අප්‍රේල් මස 11 වැනිදා සහන නිවේදකයෙකු වශයෙන් ශ්‍රි ලංකා ගුවන් විදුලියට එක් වු පීිරිස් මහතා ආධුනික පැය පිබිදෙන ගායක පරපුර අම්බිගා ගීතයෙන් ගීත නිවේදක තෝරයිඔව් නෑ බෑ මිනිත්තුවක් පමණයි පැනපොඩි ආදි ජනප්‍රිය වැඩසටහන් රැසක් නිෂ්පාදනය කරමින් ඉදිරිපත් කලේය ගුවන් විදුලි සංස්ථාවේ වෙළෙද සේවය ගොඩනැගිමටත් එය රැකගැනිමටත් ඔහුගෙන් සිදුවු සේවය ඉමහත්ය

අයවැය සදහා යෝජනා භාර ගැනීම ලබන මස පළමු වනදා දක්වා .

2017 ජාතික අයවැය ලේඛනය සදහා යෝජනා භාර ගැනීම ලබන මස පලමුවනදා දක්වා සිදු කෙරෙන බව මුදල් අමාත්‍යාංශය පවසයි. ඒ සදහා මහජනතාවගෙන් . සිවිල් සංවිධාන හා වානිජ ආයතනවල විද්වතුන්ගෙන් යෝජනා කැදවීම මේ වන විට ආරම්භ කර ඇත. වෙලද හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව. මුදල් අමාත්‍යාංශය. කොළඹ එක යන ලිපිනයට ද අදාල යෝජනා ඉදිරිපත් කල හැකි බව මුදල් අමාත්‍යාංශය පවසයි .

අලි මිනිස් ගැටුම නිසා සිදුවන ජීවිත හානි වෙනුවෙන් ලබාදෙන වන්දි මුදල රුපියල් ලක්ෂ දෙක දකවා වැඩි කෙරේ.

මාතලේ හා පොළොන්නරුව දිස්ත්‍රික්ක දෙකේ පමණක් මෙම වසරේදි අලි මිනිස් ගැටුම නිසා මිනිස් ජීවිත 23 ක් අහිමිවී ඇතැයි වනජීවි සහකාර අධ්‍යක්ෂ ඩබ්ලිම් ඩී එම් ජේ වික්‍රමසිංහ මහතා පවසයි.    අලි මරණ 45 ක් සිදුවී තිබේ.  මියගිය අය අතර ස්වාමින්වහන්සේ නමක් ද වෙති.  ජීවිත අහිමිවූ පුද්ගලයින් සඳහා රුපියල් ලක්ෂය බැගින් වන්දිගෙවා ඇතැයි ද හෙතෙම කීය.

Read more...

Subcategories

  • මේ වසරේදි දිවයින පුරා ආදර්ශ ගම්මාන 600 ක් ඉදිකිරීමට පියවර

    මේ වසර තුළ දිවයින පුරා  ආදර්ශ ගම්මාන  600 ක් ඉදිකරන බව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ලක්විජය සාගර පලන්සූරිය මහතා කියයි. ඒ සදහා අවශ්‍ය  භූමිය දැනටමත් හදුනාගෙන අවසන්ය. 2020 වනවිට ආදර්ශ  ගම්මාන 2500 ක් ඉදිකිරිම ඉලක්කයවී තිබේ.  සැමට සෙවන ජාතික නිවාස වැඩපිළිවෙලේ  පසුගිය අත්දැකිම් මේ සදහා යොදා ගැනේ.  අමාත්‍ය  සජිත් ප්‍රේමදාස මහතාගේ මෙහෙයවිම යටතේ වැඩපිළිවෙල ක්‍රියාත්මකයි . නිවසක සැබෑ අවශ්‍යතාව පවතින පුද්ගලයන් හදුනාගෙන ඔවුන්ට මෙම නිවාස  ලබාදීමට කටයුතු කෙරේ..  . මෙම වැඩපිළිවෙල  සදහා රජය වෙන් කර ඇති මුදල රුපියල්  මිලියන දසදහසකි.