Wed11142018

Last updateWed, 14 Nov 2018 10am

Local News

වත්මන් රජය කෙටි කාලයක් තුල කල සංවර්ධනය ඇමතිනි තලතා අතුකෝරල මහත්මිය පෙන්වා දෙයි.


වත්මන් රජය මේ කෙටි කාලය තුලදී විශාල වැඩකොටසක් කර ඇතැයි ඇමතිනි තලතා අතුකෝරල මහත්මිය කියයි. කරපු සංවර්ධනය සම්බන්ධයෙන් බෝඩ් ගසා දැවැන්ත උත්සව වත්මන් රජය පවත්වන්නේ නැති බව ඇයි කියා සිටී. හිටපු ජනාධිපතිවරයා විශාල ලෙස මුදල් වැය කරමින් තම උපන්දින සැමරුම් සිදුකල ආකාරය ඇය පෙන්වා දුන්නාය. එහෙත් වත්මන් රජයේ නායකයන් එවැනි උත්සව පැවැත්විමක් සිදුනොකරයි. ජනතා මුදල් ඉකුත් රජය නාස්ති කළ ආකාරය මෙවැනි කරුණු මගින් මොනවට පැහැදිලි වෙයි. කලවාන කුඩුමිරිය මාර්ග සංවර්ධනය සඳහා මුල්ගල තැබීමේ අවස්ථාවට එක්වෙමින් ඇය මේ බව කීවාය.

ශ්‍රිි ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කිරීමට කැප වන බවට හෝමාගම ශ්‍රීි ලංකා නිදහස් පක්ෂ නව සංවිධායකවරයාගෙන් ප්‍රතිඥා.

පක්ෂයේ සභාපති ලෙස මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ නායකත්වය යටතේ ශ්‍රිි ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කිරීමට කැප වන බව හෝමාගම ශ්‍රීි ලංකා නිදහස් පක්ෂ නව සංවිධායක ගාමිණි තිලකසිරි මහතා පවසයි.  තමන්ට අසාධාරණකම් සිදු වුවද කිසිදු විටක පක්ෂයට එරෙහිව කටයුතු කිරීමට හෝ  පක්ෂය හැර යාමට ක්‍රියා නොකළ බව ඔහු සදහන් කරයි.

Read more...

ශ්‍රී ලංකාවේ ප්‍රබල බලවේගයක් බවට එක්සත් ජාතික පක්‍ෂය පත්ව ඇතැයි පක්‍ෂ නායක අගමැතිතුමා ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රබල බලවේගයක් බවට එක්සත් ජාතික පක්‍ෂය පත්ව ඇතැයි පක්‍ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි   ශ්‍රී ලංකා ඉතිහිසාය හැඩගැස්වීමට ක්‍රියාකලේ එක්සත් ජාතික පක්‍ෂයයි.  මේ රට සංවර්ධනයට . දියුණුවට හා මුලික අයිතිවාසිකම් ආරක්‍ෂා කිරීමට එක්සත් ජාතික පක්‍ෂය කැපවී ක්‍රියාකරන බව ඇගමැතිවරයා කීවේය.  පක්‍ෂයේ අභිවෘද්ධීය උදෙසා කැපවු  සාමාජිකයන් ආරක්‍ෂා කිරීමට  ක්‍රියාකරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ 70 වැනි සංවත්සර උත්සවයේ දී අවධාරණය කලේය

සීමා නිර්ණ අභියාචනා කමිටුවේ වාර්තාවට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ නියෝජිතයා අද අත්සන් තබයි.

ස්වභාවික සම්පත් ආරක්‍ෂා කරමින් දේශීයත්වයට රුකුල් දෙන තිරසර සංවර්ධන වැඩපිළිවෙලක් මේ වසරේදී ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිතුමා ක්‍රියාකරනු ඇතැයි ඇමති චන්දිම වීරක්කොඩි මහතා පවසයි. තිරසර සංවර්ධන ඉලක්ක ජය ගැනීමට වැඩපිළිවෙලක් ඉදිරිපත් කළ ලෝකයේ එකම නායකයා වත්මන් ජනාධිපතිතුමා බව ඔහු කොළඹ අද පැවැති ප්‍රවෘත්තී සාකච්ඡාවකදී කීවේය. . සීමානිර්ණ අභියාචනා කමිටුවේ වාර්තාවට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ නියෝජිතයා අද අත්සන් තැබීමට නියමිතයි. ඉන් අනතුරුව එය පළාත් පාලන ඇමතිවරයා වෙත භාරදෙන බව වීරක්කොඩි මහතා කීවේය. රජය ශක්තිමත් බව පෙන්වා දුන් ඒ මහතා පක්‍ෂයේ ප්‍රතිපත්ති පාවා දෙන කිසිවෙකුට සහාය නොදෙන බව අවධාරණය කළේය.

2020 වසර වනවිට දලදේශිය නිෂ්පාදනයෙන් සියයට 05 ක් සෞඛ්‍ය සේවයට

වසර 2020 වනවිට රටේ දලදේශිය නිෂ්පාදනයෙන්  සියයට  05 ක් සෞඛ්‍ය සේවය සදහා වෙන් කිරිමට සැලසුම් කරන අමාත්‍ය මංගල සමරවිර මහතා පවසයි.  මෙතෙක් කිසිදිනක  ජනතාවට නොලැබුණ සහන යහපාලන රජය යටතේ  සෞඛ්‍ය ක්ෂේත්‍රයට  ලබාදිමට  හැකියාව ලබා දී තිබෙ.් නව බදු පනත මගින් ලබාගන්නා මුදල් නිවැරදිව කළමනාකරණය කරමින් ජනතා සුබසිද්ධිය සදහා යොදවන බව  සමරවිර මහතා කියයි.   මේ වනවිට සියයට  18 ක්ව පවතින  සෘජු බදු ප්‍රමාණය  සියයට  40 දක්වා වැඩි කිරිමටත්. සියයට 82 ක්ව පවතින වක්‍ර බදු ප්‍රමාණය සියයට  60 දක්වා අඩු කිරිමත් නව ආදායම් බදු පනත යටතේ  අපේක්ෂා කෙරේ.   නව බදු  පනත ක්‍රියාත්මක වී මාස දෙකක් ඇතුළත අලුත් බදු ලිපි ගොනු හැටනව දහසක් විවෘත වි ඇති බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ඊයේ පස්වරුවේ මුදල් අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකදිය .  මේ දක්වා පැවතියේ  බදු ලිපිගොනු  ලක්ෂ හතරක් පමණකි.    නව බදු පනත ක්‍රියාත්මක කිරිම මගින් රජය අපේක්ෂා කරන මුදල රුපියල් බිලියන   30 කි. නිසිපරිදි තම වගකිම හදුනා ගනිමින්   බදු ගෙවිම සිදු කරන්නේ නම් ජනතාවට තවත් සහන  ලබාදිය හැකි බව අමාත්‍යවරයා එහිදි සදහන් කළේය.

Subcategories

  • මේ වසරේදි දිවයින පුරා ආදර්ශ ගම්මාන 600 ක් ඉදිකිරීමට පියවර

    මේ වසර තුළ දිවයින පුරා  ආදර්ශ ගම්මාන  600 ක් ඉදිකරන බව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ලක්විජය සාගර පලන්සූරිය මහතා කියයි. ඒ සදහා අවශ්‍ය  භූමිය දැනටමත් හදුනාගෙන අවසන්ය. 2020 වනවිට ආදර්ශ  ගම්මාන 2500 ක් ඉදිකිරිම ඉලක්කයවී තිබේ.  සැමට සෙවන ජාතික නිවාස වැඩපිළිවෙලේ  පසුගිය අත්දැකිම් මේ සදහා යොදා ගැනේ.  අමාත්‍ය  සජිත් ප්‍රේමදාස මහතාගේ මෙහෙයවිම යටතේ වැඩපිළිවෙල ක්‍රියාත්මකයි . නිවසක සැබෑ අවශ්‍යතාව පවතින පුද්ගලයන් හදුනාගෙන ඔවුන්ට මෙම නිවාස  ලබාදීමට කටයුතු කෙරේ..  . මෙම වැඩපිළිවෙල  සදහා රජය වෙන් කර ඇති මුදල රුපියල්  මිලියන දසදහසකි.