Local News
දකුණු ආසියානු කථානායකවරුන්ගේ සමුඵව අද සහ හෙට කොළඹදී
- Details
- Published on 11 July 2018
- Written by slbc news
දකුණු ආසියානු කථානාකවරුන්ගේ සමුඵව අද සහ හෙට කොළඹදී පැවැත්වේ. තිරසර සංවර්ධනය පිළිබඳ අරමුණු සාක්ෂාත් කර ගැනීම සදහා සංවිධානය කර ඇති මෙම සමුඵවේ සමාරම්භක අවස්ථාව පාර්ලිමේන්තු පරිශ්රයේදී අද පෙරවරු 9.30 ට ආරම්භ වේ. අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා එහි ප්රධාන දේශනය පවත්වයි. කථානායක කරු ජයසුරිය මහතා විසින් පිළිගැනීමේ කථාව ඉදිරිපත් කිරීමට නියමිතයි. සම්මන්ත්රණ සැසිය කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැත්වේ. බංග්ලාදේශයේදී සහ ඉන්දියාවේදිී පැවති පලමු සහ දෙවන සමුඵවලදී පැමිණි නිගමන කෙරෙහි මෙම සමුඵ වාරයේදී අවධානය යොමු කෙරේ. ඇෆ්ගනිස්ථානය. බංග්ලාදේශය. භුතානය. ඉන්දියාව. මාලදිවයින. මියන්මාරය. නේපාලය. පාකිස්ථානය සහ ශ්රී ලංකාව යන රටවල කථානායකවරු මෙම සමුඵවට සහභාගි වෙති . අන්තර් පාර්ලිමේන්තු සංගමයේ සහාය ඇතිව ශ්රී ලංකා පාර්ලිමේන්තුව සමුඵව සංවිධාන කරයි.