Fri04192019

Last updateFri, 05 Apr 2019 7pm

Local News

දෙදින නිල සංචාරයක් සදහා තායිලන්ත අගමැතිවරයා ලබන බ්‍රහස්පතින්දා දිවයිනට

දෙදින නිල සංචාරයක් සදහා තායිලන්ත අගමැති ජනරාල් ප්‍රයුන් චන්-ඕ-චා මහතා ලබන බ්‍රහස්පතින්දා දිවයිනට පැමිණෙයි.  ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ඇරයුමකට අනුව එම සංචාරය සිදුවෙයි. බ්‍රහස්පතින්දා පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපතිතුමා හමුවන තායිලන්ත අගමැතිවරයා වෙනුවෙන් එහිදී හමුදා උත්තමාචාරයක් හා ආචාර වෙඩිමුර පැවැත්වෙයි. ශ්‍රී ලංකාව හා තායිලන්තය අතර ද්වීපාර්ශ්වික සාකච්ඡා ආරම්භ වන්නේ ඉන් අනතුරුවයි.  තායිලන්ත අගමැතිවරයා සිය සංචාරය අතරතුර ගිවිසුම් කිහිපයකටම අත්සන් තැබීමට නියමිතයි.  ශ්‍රී ලංකාව හා තායිලන්තය අතර නිදහස් වෙළෙඳ ගිවිසුමක් ඇති කර ගැනීම පිළිබඳව සාකච්ඡාව එම සංචාරය අතරතුර සිදුවෙයි.  තායිලන්ත අගමැතිවරයා ආර්ථික සහයෝගිතා. වෙළෙඳාම හා ආයෝජනය යන කරුණු මත පදනම් කරගෙන අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡා පවත්වනු ඇත.  සිය සංචාරය අතරතුර මහනුවර ශ්‍රී දළදා මාලිගය වැඳපුදා ගන්නා තායිලන්ත අගමැතිවරයා මල්වතු හා අස්ගිරි මහානායක ස්වාමින් වහන්සේ බැහැ දැකීමට ද යනු ඇත. ඔහු පේරාදෙණිය ජාතික උද්භිද උද්‍යානය නැරඹිමට ද නියමිතයි.