Thu11152018

Last updateWed, 14 Nov 2018 6pm

Local News

වැව් දහසක් ගම් දහසක් ප්‍රතිසංවර්ධනය කිරීමේ දැවැන්ත වැඩපිළිවෙල නිකවැරටියෙන් බ්‍රහස්පතින්දා ඇරඹේ

වැව් දහසක් ගම් දහසක් ප්‍රතිසංවර්ධනය කිරීමේ දැවැන්ත වැඩපිළිවෙල නිකවැරටිය මහගිරිල්ල ගල්කඩවල වැව් තාවුල්ලේදී ලබන බ්‍රහස්පතින්දා ඇරඹේ. කෘෂිකර්ම අමාත්‍යංශය ක්‍රියාත්මක කරන අපි වවලයි අපි කන්නේ කඩිනම් කෘෂිකර්ම සංවර්ධන සැලැස්ම යටතේ ක්‍රියාත්මක කෙරෙන ව්‍යාපෘති 18 අතර එය ප්‍රධානතම ව්‍යාපෘතියක් වෙයි. ඇමති මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩපිළිවෙල ඇරඹේ. නියෝජ්‍ය ඇමති ඉන්දික බණ්ඩානායක මහතා ද එම අවස්ථාවට එක්වනු ඇත.
මේරට වැව් පද්ධතිය තුළ ඇති පැරණි කුඩා වැව් විශාල සංඛ්‍යාවක් නිසිලෙස නඩත්තු නොකිරීම හේතුවෙන් ඉතාමත් දුර්වල තත්ත්වයක පවති. ඒ අනුව මේ වසර තුළ වැව් දහසක් සහ එම වැව් යටතේ පවතින ගම්මාන දහසක් ප්‍රතිසංවර්ධනය කිරීම වැඩපිළිවෙලේ අරමුණයි. ගොවිජනතාව කළ ඉල්ලීමකට අනුව වැව් පිළිසකර කිරීමේ වැඩපිළිවෙල කඩිනමින් අරඹන්නැයි ඇමති මහින්ද අමරවීර මහතා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය. පලමු අදියරේදී වැව් 370 ක් ප්‍රතිසංවර්ධනය කෙරේ. එම කටයුතු ලබන බ්‍රහස්පතින්දා ඇරඹේ. වැව් දහසක් ගම් දහසක් වැඩපිළිවෙලට රජය වෙන්කර ඇති මුදල රුපියල් කෝටි 900 කි