Local News

ජාතික නිවාස වැඩපිළිවෙල සදහා මේ වසරේදී රුපියල් කෝටි දහසක්

ජාතික නිවාස වැඩපිළිවෙල සදහා මේ වසරේදී රජය රුපියල් කෝටි දහසක් වැය කර ඇතැයි ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ලක්විජය සාගර පලන්සුරිය මහතා කියයි.   ඉන් රුපියල් කෝටි 300 ක් උතුරු හා නැගෙනහිර පළාත් සදහා වැයකර තිබේ.  ආදර්ශ ගම්මාන 875 ක ඉදිකිරීම් සිදුවෙයි.  ඉන් ගම්මාන 90 ක් මේ වනවිට ජනතා අයිතියට පවරා අවසන්ය.  ආදර්ශ ගම්මාන වැඩපිළිවෙල යටතේ ලබන වසරේ දෙසැම්බර් 31 වැනිදා වනවිට නිවාස     2500 ක් ජනතා අයිතියට පත්කිරීම ඉලක්කයයි.  2015 සිට මේ දක්වා ජාතික නිවාස වැඩපිළිවෙලන් සෙත සැලසි ඇති සංඛ්‍යාව දෙලක්ෂ 75 දහස ඉලක්මවන බව සභාපතිවරයා කියයි.