Local News

මත්ද්‍රව්‍ය කිලෝග්‍රූම් හතරක් සමග පාකිස්ථාන ජාතිකයෙකු කටුනායකදී අත්අඩංගුවට

හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 04 යි ග්‍රූම් 186 ක්  සමග පාකිස්ථාන ජාතිකයෙක් කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගැනේ.  පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය අත්අඩංගුවට ගත් සැකකරු සතුව තිබු මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි පහකි.  ලාහෝර සිටි පැමිණි සැකකරුගේ ගමන් බෑගයේ පතුලේ සුක්ෂ්ම ලෙස එම මත්ද්‍රව්‍ය තොගය සගවා තිබුනු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.