Fri01182019

Last updateFri, 18 Jan 2019 8am

SP Smart Slider New

Local News

භෞතික සංවර්ධනය සේම අධ්‍යාත්මික සංවර්ධනය ද රටකට එක්සේ වැදගත්බව ජනපති කියයි

භෞතික වශයෙන් රටේ කෙරෙන පුඵල් සංවර්ධන කාර්යය මෙන්ම ජනතාවගේ අධ්‍යාත්මික ගුණවගාව ඇති කිරිම සදහා ද පුලුල් වැඩසටහනක් අද රටට අවශ්‍ය බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා පෙන්වා දෙයි. වඩාත් යහපත් සමාජයක් ගොඩනැගිමට අන් සියල්ලටම වඩා රටක අධ්‍යාත්මික සංවර්ධනය ඉවහල්වෙයි. නව තාක්ෂණයත් සමග සමාජයේ සාරධර්ම ක්‍රමයෙන් බැහැර වන ලකුණු පෙනෙන්නට තිබේ. යහපත් සාරධර්ම වලින් දරුවන් පෝෂණය කිරිම රජයට පමණක් කල නොහැකිය. ඒ සදහා දෙමාපියන් ද මුලිකත්වය ගතයුතු බව ජනාධිපතිතුමා කියා සිටියේ. පොළොන්නරුව පුලස්තිපුර පැවැති උත්සවයකදිය. පුලස්තිගම ශ්‍රි ශාන්ති නිකේතනාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකළ රන්කොත් මහා චෛත්‍යරාජයාණන් වහන්සේගේ කොත නිරාවරණය කිරිමේ පුණ්‍යෝත්සවය ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැත්විණි.
මේ අතර පොලොන්නරුව වැලිකන්ද ප්‍රදේශයේ ඉදි කරන ලද ගොවි ජන සේවා මධ්‍යස්ථානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද ජනතා අයිතියට පත් කෙරේ. මේ සඳහා ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව වැය කර ඇති මුදල රුපියල් මිලියන 13 කට අධිකය.