Fri11162018

Last updateWed, 14 Nov 2018 6pm

Local News

දිඹුලාගල පිරිවෙන් ශාලා ගොඩනැගිල්ල හා සංඝාවාසය සඝ සතු කර පුජා කිරිම ජනපති ප්‍රධානත්වයෙන්

ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ අභිනවයෙන් ඉදිකල පිරිවෙන් ශාලා ගොඩනැගිලි සංකිර්ණය සහ සංඝාවසය සඝ සතු කොට පුජා කිරිම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ සිදුවිය. ආරණ්‍ය සේනාසනයේ අභිනව වාහල්කඩ විවෘත කිරිම ද එතුමා සිදුකලේය. එහිදි අදහස් දැක්වු ජනාධිපතිතුමා. රජ දවසේ සිට මෙරට ප්‍රධානතම ආරණ්‍ය සේනාසනයක් වන දිඹුලාගල ආරණ්‍ය සේනාසනය පුජනිය මෙන්ම දෙස් විදෙස් සැදැහැවතුන්ගේ නෙත් සිත් පහන් කරවන පිංබර පුදබිමක් ලෙස සංවර්ධනය කරන බව පැවසිය. එහි වැඩසිටින ස්වාමින් වහන්සේට අවශ්‍ය පහසුකම් ලබාදෙන බවටද එතුමා සහතික විය.

පිඹිදෙමු පොළොන්නරුව දිස්ත්‍රක් සංවර්ධන වැඩසටහන යටතේ ඉදිකෙරුණු මෙම නව පිරිවෙන් ශාලා ගොඩනැගිලි සංකිර්ණය හා සංඝාවසය සදහා වැය කර ඇති මුදල රුපියල් කෝටි 4 කි.
ජනපති සදහම් යාත්‍රා ධර්මදේශනා මාලාවේ පොසොන් පුර පසලොස්වක පොහෝ දින දම්සභාව අද පැවැත්වුනේ ඓතිහාසික දිඹුලාගල රජමහා විහාරස්ථානයේදිය. බම්බලපිටිය සිරි වජිරාරාම විහාරාධිපති පුජ්‍ය තිරකුණාමලයේ ආනන්ද නායක ස්වාමින් වහන්සේ ධර්ම දේශකයාණන් වහන්සේ වුහ.

පොළොන්නරුව බෞද්ධ සංගමය වාර්ෂිකව සංවිධානය කරන පොසොන් මහා බත් දන්සැල 58 වන වරටත් අදත් හෙටත් පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රය අභියසදි පැවැත්වෙයි. අද දන්සැල විවෘත කලේ. ජනාධිපතිතුමායි. දිවයිනේ නන් දෙසින් පොළොන්නරුව පුදබිමට පැමිණ සිටින විශාල ජනතාවක් දන්සැලට පැමිණ සිටි අතර ඔවුන්ට ආහාර වලින් සංග්‍රහ කිරිමට ජනාධිපතිතුමා ද එක්විය.