Tue11202018

Last updateTue, 20 Nov 2018 3pm

Local News

ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරයේ අරමුණ යථාර්ථයක් කර ගැනීමට දේශපාලන භේදයෙන් තොරව එක්වන්නැයි ජනාධිපතිතුමා සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලයි

ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරයේ අරමුණ යථාර්ථයක් බවට පත් කර ගැනීම සදහා දේශපාලන භේදයෙන් තොරව එක්වන්නැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා අදාල සියලු පාර්ශ්වවලින් ඉල්ලයි. ජනතාව වෙනුවෙන් ගොඩනැංවු ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරයේ ඌව පළාත් ප්‍රගති සමාලෝචන රැස්වීමට ඊයේ එක්වෙමින් එතුමා එම ඉල්ලීම කළේය. බදුල්ල පුස්තකාල ශ්‍රවනාගාරයේදී රැස්වීම පැවැත්වින. ඌව පළාතේ ග්‍රාමශක්ති ව්‍යාපාරය ක්‍රියාත්මක වන ආකාරය හා එහි ප්‍රගතිය පිළිබඳව එහිදී සාකච්ඡා කෙරින.
බදුල්ල දිස්ත්‍රික්කයේ වැලිමඩ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ කොස්කණුවෙල ග්‍රාම නිලධාරි කොට්ඨාශයේ වසා දමා ඇති බෑග් කර්මාන්ත ශාලාව ග්‍රාමශක්ති ව්‍යාපාරය යටතේ කඩිනමින් ආරම්භකර ක්‍රියාත්මක කරන්නැයි ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය. මොණරාගල දිස්ත්‍රික්කයේ කෘෂිකර්මාන්තය දියුණු කිරීම සදහා අවශ්‍ය වැඩපිළිවෙල කෙරෙහි ද එතුමා රාජ්‍ය නිලධාරින්ගේ අවධානය යොමු කළේය. මේ දිනවල පවතින අධික වර්ෂාව හේතුවෙන් පිඩාවට පත් ජනතාවට කඩිනමින් සහන සැලසීම සදහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නැයි ජනාධිපතිතුමා නිලධාරින්ට උපදෙස් දුන්නේය.