Mon12102018

Last updateFri, 07 Dec 2018 3pm

Local News

ජාත්‍යන්තර විදුලි සංදේශ සහ තෙ.ාරතුරු සමාජ දිනය අදයි

ජාත්‍යන්තර විදුලි සංදේශ සහ තොරතුරු සමාජ දිනය අදට යෙදි තිබේ. කෘත්‍රිම බුද්ධිය සෑමදෙනාටම භාවිත කිරිමට හැකියාව ලබාදිම මෙම දිනය සැමරීමේ ප්‍රධාන වැදගත්කම වෙයි. මේ වනවිට කෘත්‍රිම බුද්ධිය බොහෝ දෙනාට ප්‍රතිලාභ සලසමින් දියුණුවෙමින් පවති. ජාත්‍යන්තර විදුලි සංදේශ සංගමය . තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය පිළිබඳ එක්සත් ජාතින්ගේ විශේෂ නියෝජිත ආයතනය ලෙස කෘත්‍රිම බුද්ධියේ ප්‍රතිලාභ සහ සංවර්ධන පහසුකම් බෙදා හැරිමේ ප්‍රධාන පාර්ශ්වය ලෙස මේ වනවිට වැදගත් මෙහෙයක් ඉටු කරමින් සිටින බව ජාත්‍යන්තර විදුලි සංදේශ සංගමයේ මහ ලේකම් හුලින් ෂාහෝ මහතා සදහන් කරයි. මේ වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරන ජනාධීපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා පෙන්වා දෙන්නේ සෑම ක්ෂේත්‍රයකටම කෘත්‍රිම බුද්ධිය ප්‍රයෝජනයට ගැනිමේ මාර්ග සොයා ගත යුතු බවයි. සංවර්ධනය වඩාත් තීව්ර කිරිමට එය වැදගත් වනු ඇත . තිරසර සංවර්ධන අරමුණු ජයගත හැක්කේ එවිට බව එතුමා පෙන්වා දෙයි.
සමාජයිය හා ආර්ථික වශයෙන් කෘත්‍රිම බුද්ධිය උපයෝගි කර ගනිමින් සන්නිවේදන තාක්ෂණයේ ප්‍රතිලාභ සමස්ත ජනතාවට ලබාදිමට එය මේ වනවිට සීඝ්‍ර දියුණුවක් අත්පත් කරගෙන ඇතැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පණිවිඩයක් නිකුත් කරමින් සදහන් කරයි. තිරසර සංවර්ධන ක්‍රියාවලිය යථාර්තයක් බවට පත් කිරිමට නවින තාක්ෂණය වඩාත් ඵලදායිව යොදා ගත යුතු වෙ.් වඩාත් කාර්යක්ෂම සංවර්ධන සැලසුම් සැකසිම. මෙහෙයවිම සහ පවත්වාගැනිමට තොරතුරු හා සන්නිවේදන ක්ෂේත්‍රයේ කෘත්‍රිම බුද්ධිය භාවිතය රටකට වඩාත් ඵලදායි බව ඒ මහතා කියා සිටි.