Thu11152018

Last updateWed, 14 Nov 2018 6pm

Local News

නවීන තාක්ෂණයේ අයහපත් පැතිකඩෙන් දරුවන් රැකගැනිමේ වගකිම ඉටු කරන බව ජනාධීපතිතුමා කියයි

නවීන තාක්ෂණයේ අයහපත් පැතිකඩෙන් වත්මන් දරු පරපුර රැක ගැනිමේ වගකිම  රජයක් ලෙස  උපරිමයෙන් ඉටු කරන බවට  ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා සහතික වෙයි.  කොළඹ  නෙඵම්පොකුණ රගහලේ අද පෙරවරුවේ පැවති  ෆාතිමා මුස්ලිම් කාන්තා විද්‍යාලයේ සියවස් සමරු උත්සවයට  ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් එතුමා ඒ බව සදහන් කළේය. මහනුවර ප සුගියදා ඇති වු සිද්ධි වලදි ෆේස්බුක් ඇතුඵ් වෙබ් අඩවි තාවකාලිකව අත්හිටුවිමට රජය ගත් පියවර පිළිබඳව එහිදි සිහිපත් කළ ජනාධිපතිතුමා  එය මාධ්‍ය නිදහස හෝ ජනතාවගේ මූලික අයිතිවාසිකම්  අහිමි කිරිමක් නොව අවස්ථානුකුල ගත යුතුව තිබු වැදගත් තීරණයක්  බව සදහන් කළේය.    එම තීරණය හේතුවෙන් රටේ සිදුවිමට ගිය  විශාල විනාශයක් වලක්වා ගැනිමට හැකිවිය.   රටත් ජනතාවත්  වෙනුවෙන් රජය ගත් එම පියවර ජාත්‍යන්තර සංවිධානවල පැසසුමට ලක්  වු බව  ජනාධිපතිතුමා පැවසිය සමාජයේ පවතින විවිධ අභියෝගිකාරි තත්ත්වයන්ගෙන් දරු  පරපුර ආරක්ෂා කර ගනිමින්  දරුවන්ට  අධ්‍යාපනය සමග ලබාදෙන දැනුම සේම ජිවිතය සමත්විම පිළිබඳව අවබෝධය ලබාදිම සදහා දෙමාපියන් . ගුරුවරුන් හා රජයක් වශයෙන් ඉටු කළ යුතු කාර්යයන් රැසක් පවතින බව එතුමා පෙන්වා දුන්නේය   දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් දෙමාපියන්  නිරතුරු අවධානයෙන් කටයුතු කළ යුතුය.   විභාග ප්‍රතිඵල නිකුත් විමේදි ඇතැම් දරුවන්ට දෙමාපියන්ගෙන් අත්විදිමට  සිදුවන  කණගාටුදායක සිද්ධි  සැලකිල්ලට ගෙන විභාග සදහා  දරුවන් සේම දෙමාපියන් ද සුදානම් කිරිමේ  වැඩසටහනක් ඉදිරියේදි ක්‍රියාත්මක කිරිමට රජය අපේක්ෂා කරන බව ද ජනාධිපතිතුමා පැවසිය