Fri09212018

Last updateMon, 30 Jul 2018 10am

Local News

සියලු ජාතින්ට සමගියෙන් හා සහජීවනයෙන් ජීවත්විය හැකි පරිසරයක් ගොඩනැංවීමට රජය සෑම පියවරක්ම ගෙන ඇතැයි ජනාධිපතිතුමා කියයි

රට තුල උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරිමට මුස්ලිම් සංවිධාන නියෝජිතයෝ පිරිසක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා හමුවෙති.  ජනාධිපති කාර්යාලයේදි අද එම හමුව සිදුවිය.  සියලු ශ්‍රි ලාංකීකයන්ට සාමයෙන් සමගියෙන් හා සහජීවනයෙන් ජීවත් වියහැකි සාමකාමි පරිසරයක් රටතුල ගොඩනැංවීමට අවශ්‍ය ඕනෑම සහායක් ලබාදිමට සුදානම් බව එම නියෝජිතයෝ ජනාධිපතිතුමා හමුවේ ප්‍රතිඥා දුන්හ.   අන්තවාදී සුඑ පිරිසක් මෙම කලහකාරි සිද්ධි ඇතිකරන බැවින් ඔවුන් අත්අඩංගුවට ගෙන  නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග දැනටමත් ගෙන ඇතැයි ජනාධිපතිතුමා එහිදි සඳහන් කලේය.  සියලු ජාතින්ට සමගියෙන් හා සහජීවනයෙන් ජීවත්විය හැකි පරිසරයක් ගොඩනැංවීමට රජය සෑම පියවරක්ම ගෙන ඇතැයි ද එතුමා පැවසිය.  මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල පසුගිය දිනවල ඇතිවු කලහකාරි සිද්ධි පිළිබඳව මුස්ලිම් සංවිධාන නියෝජතයෝ සිය කනගාටුව පලකලහ.  ජාති. ආගම් භේද මතුකරමින් කලක් තිස්සේ වරින් වර මතුවන මෙවැනි ගැටුම් ඉදිරියේදි ඇතිවීම වැලැක්විමට සුදුසු දීර්ඝ කාලීන විසඳුමක් ලබාදිය හැක්කේ ජනාධිපතිතුමාට පමණක් බව පැවසු එම නියෝජිතයෝ ජනාධිපතිතුමාගේ ධුර කාලය තුල එවැනි විසඳුමක් ලබාදෙනු ඇතැයි අපේක්ෂා කරන බව ද සඳහන් කලහ.