Mon12102018

Last updateFri, 07 Dec 2018 3pm

Local News

රටේ ජනතාවගේ ජීවිත හා දේපල ආරක්ෂා කිරීමට රජය වගකීමෙන් කටයුතු කරන බව අගමැතිවරයා අවධාරණය කරයි

රටේ ජනතාවගේ ජීවිත හා දේපල ආරක්ෂා කිරීම රජයේ වගකිමක් හා යුතුකමක් බව පවසන අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඒ සඳහා කැපවී සිටින බව අවධාරණය කරයි.  රටේ නිතිය හා සාමය ආරක්ෂා කරමින් සහජීවනයෙන් කටයුතු කරන්නැයි නිවේදනයක් නිකුත් කරමින් අගමැතිවරයා සියලු ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.  සියලුදෙනා එක රටක් ලෙස එක ජාතියක් ලෙස කටයුතු කිරීමෙන් මෙම අවාසනාවන්ත තත්ත්වයෙන් මිදිය හැකි බව වික්‍රමසිංහ මහතා පෙන්වා දෙයි.  වසර 30 ක ත්‍රස්තවාදයෙන් පිඩා විඳි ජනතාවට අවශ්‍ය වන්නේ සාමයෙන් හා සහජීවනයෙන් ජීවත් විමට ද බවට අගමැතිවරයා සිය නිවේදනයෙන් පෙන්වා දෙයි.  තම නිර්දේශය මත ජනාධිපතිතුමා අද දින නිතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයා ලෙස රංජිත් මද්දුමබණ්ඩාර මහතා පත්කළ අතර ඔහු විසින් පුර්ණ කාලීනව රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරිමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව අගමැතිවරයා සඳහන් කරයි.  මෙම සිද්ධින් ඉතා කුඩා පිරිසක් සංවිධානාත්මක ලෙස ඇතිකරන ලද තත්ත්වයක් බවත් සමස්ථයක් ලෙස රටේ සිංහල. දෙමළ හා මුස්ලිම් ජනතාවට සහජීවනයෙන් ජීවත්විමට බාධාවක් නොවන බවත් අගමැතිවරයා පෙන්වා දෙයි.