Sat06232018

Last updateFri, 22 Jun 2018 1pm

Local News

රටතුල ජාතිවාදය අවුස්සා ජාතීන් අතර අසමගිය ඇතිකිරීමට ශ්‍රි ලංකා නිදහස් පක්ෂය කිසිඳු අනුබලයක් නොදෙන බව එම පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා කියයි

රටතුල ජාතිවාදය අවුස්සා ජාතීන් අතර අසමගිය ඇතිකිරීමට ශ්‍රි ලංකා නිදහස් පක්ෂය කිසිඳු අනුබලයක් නොදෙන බව එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ඇමති දුමින්ද දිසානායක මහතා පවසයි.  පසුගිය දිනවල සිදුවූ සිදුවිම් නිසා විපතට පත් අයට ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ කනගාටුව ප්‍රකාශ කරන බව ද ඇමතිවරයා පැවසුවේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.  ජනාධිපතිතුමාගේ ජනවාරි 08 ජයග්‍රහනය තුල රටේ සියලුම ජන කොටස් සිටියහ.  එම නිසා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට සියලු ජාතීන්ගේ සහාය දිනාගැනිමට හැකිවිය.  ඇතැමුන් මෙම සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපතිතුමාට සහ ආණ්ඩුවට චෝදනා කලත් එම සිදුවී මැඩපැවැත්විමට හා විපතට පත්වුවන් බේරාගැනිමට ජනාධිපතිතුමා නායකත්වය දුන් බව ඇමතිවරයා කිය.  භික්ෂූන්වහන්සේ මෙන්ම ඉස්ලාම් ආගමික පුජකවරු පැවති තත්ත්වය සමනය කිරීමට විශාල දායකත්වයක් ලබාදුන්හ.  ආරක්ෂක අංශ ලබාදුන් සහාය ද ඇමතිවරයාගේ ඇගයිමට ලක්විය.  මෙරට දේශපාලන පක්ෂ තමන්ගේ පුද්ගලික දේශපාලන න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කිරීම සඳහා මෙම අවස්ථාව යොදාගත් බවට ඇමතිවරයා චෝදනා කලේය.  ජාතික අසමගිය ඇතිකිරීමට කිසිවිටකත් ඉඩ නොදෙන බව ද හෙතෙම කිය.  රට විනාශය කරා ගෙනයාමට උත්සාහ කල අයගේ අපේක්ෂා සුන්වි තිබේ.  එවැනි බලවේගවලට යළි හිස එලවිමට ඉඩ නොදෙන බව ද ඇමතිවරයා පැවසිය.