Mon12102018

Last updateFri, 07 Dec 2018 3pm

Local News

2017 ජාතික ඉදිකිරීම් සම්මාන උළෙල ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්

2017 ජාතික ඉදිකිරීම් සම්මාන උළෙල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ පස්වරුවේ පැවැත්විණ. දේශිය ඉදිකිරීම් කර්මාන්තයේ උන්නතිය සදහා ඉදිකිරීම් කර්මාන්තයෙන් ලැබෙන දායකත්වය ඇගයීම මෙම සම්මාන උළෙල පැවැත්වීමේ අරමුණයි. ඉදිකිරීම් ක්ෂේත්‍රයේ විශිෂ්ටයින් අට දෙනෙකුට විශිෂ්ටතා සම්මාන පිරිනැමීමද මෙහිදී සිදුවිය. දේශිය කොන්ත්‍රාත්කරුවන් විසින් විදේශිය ව්‍යාපෘති ඉදිකිරීම් දිරිගැන්වීම සහ ඇගයීම සදහා මෙවර නව සම්මාන තුනක් එක්කර තිබේ. ඉදිකිරීම් අමුද්‍රව්‍ය සහ නිෂ්පාදන සදහා වන පාරිසරික මාර්ගෝපදේශණ සංග්‍රහය ද ජනාධිපතිතුමාට පිළිගැන්වීම මෙහිදී සිදුවිය. මැති ඇමතිවරු රැසක් මෙම අවස්ථාවට එක්වූහ.