Sat06232018

Last updateFri, 22 Jun 2018 1pm

Local News

නව ඇමතිවරු ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දෙති

යහපාලන රජයේ දෙවන අමාත්‍ය මණ්ඩල සංශෝධනය ජනාධිපති ලේකම් කාර්යාලයේදී ් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ අද දහවල් සිදුවිය.  ඒ අනුව නව කැබිනට් අමාත්‍යවරු හය දෙනෙක්. රාජ්‍ය අමාත්‍යවරු තිදෙනෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරයෙක් එහිදී දිවුරුම් දුන්හ.  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නීතිය හා සාමය  පිළිබඳ අමාත්‍යවරයා ලෙස දිවුරුම් දි ඇත.  අග්‍රාමාත්‍යවරයා මෙම ධුරය භාරගෙන ඇත්තේ කෙටිකලක් සදහා පමණි.  හරීන් ප්‍රනාන්දු මහතා විදුලි සංදේශ ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී ඇත.  කබීර් හසීම් මහතා උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යවරයා ලෙස  දිවුරුම් දුන්නේය.. සාගල රත්නායක මහතා තරුණ කටයුතු හා දක්‍ෂීණ සංවර්ධන අමාත්‍යවරයායි.  ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර සංවර්ධන ධුරයේ දිවුරුම් දුන්නේය.  රවීන්ද්‍ර සමරවීර මහතා වනජීවී සහ තිරසර සංවර්ධන අමාත්‍යවරයායි.  තරුණ කටයුතු හා දක්‍ෂීණ සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ් ලෙස පියසේන ගමගේ දිවුරුම් දුන් අතර බන්ධනාගාර ප්‍රතිසංස්කරණ මත්ද්‍රව්‍ය නිවාරණ සහ ප්‍රජා විශෝධන රාජ්‍ය ඇමතිවරයා ලෙස අජිත් පී පෙරේරා මහතා  දිවුරුම් දුන්නේය.  ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය ඇමතිවරයා ලෙස හර්ෂ ද සිල්වා මහතා දිවුරුම් දුන්නේය.  ස්වදේශ කටයුතු නියෝජ්‍ය ඇමතිවරයා වන්නේ ජේ. සී. අලවතුවල මහතායි.  මෙහිදී අදහස් දැක්වු ජනාධිපතිතුමා ප්‍රකාශ කලේ ඇතැම් අමාත්‍යංශවල විෂයපතයන් ඉදිරියේදී ප්‍රතිසංවිධානයකට ලක් කරමින් වඩාත් සුදුසු  ආයතන යටතට පත් කිරිමට අපේක්ෂා කරන බවයි