Thu10182018

Last updateMon, 30 Jul 2018 10am

Local News

හෙට පැවැත්වෙන පළාත්පාලන ඡන්ද විමසුම සඳහා සියල්ල සුදානම්

හෙට පැවැත්වෙන පළාත් පාලන ඡන්ද විමසුම සඳහා සියලු නිලධාරින් අදාල ඡන්ද මධ්‍යස්ථාන වෙත මේවන විට වාර්තා කරමින් සිටින බව තේරීම්භාර නිලධාරිහු පවසති. ජ්‍යෙෂ්ඨ ස්ථානාධිපතිවරුන් හා සෙසු නිලධාරින් ඡන්ද පෙට්ටි හා ඡන්ද පත්‍රිකා රැගෙන අදාල ඡන්ද මධ්‍යස්ථාන වෙත ගොස් පෙරහුරු ද පවත්වා තිබේ. ඒ සම්බන්ධ තොරතුරු ඔවුන් තමන් වෙත වාර්තාකරමින් සිටින බව තේරීම්භාර නිලධාරිහු පවසති. සියලුම දිස්ත්‍රික්කවල සාමකාමී වාතාවරණයක් පවතී. එබැවින් හෙට උදෑසන 07.00 ට ඡන්ද මධ්‍යස්ථාන විවෘත කිරීමට අවශ්‍ය වාතාවරණය මේ වන විට සකස්වි තිබේ. මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වන පොලොන්නරුව. බදුල්ල.
ඡන්දය ප්‍රකාශ කිරිම හෙට පෙරවරු 7.00 ට ආරම්භ වෙයි. අවසන් වන්නේ පස්වරු 4.00 ටයි. හැකිතාක් උදෑසනින් ඡන්ද මධ්‍යස්ථානවලට ගොස් ඡන්දය ප්‍රකාශ කරන්නැයි මැතිවරණ කොමිසම සියලුම ඡන්ද දාකයන්ගෙන් ඉල්ලා සිටී. මෙවර ඡන්ද විමසීම නව මැතිවරණ ක්‍රමය යටතේ පැවැත්වෙයි. ඒ අනුව කොට්ඨාශ මට්ටමින් අදාළ පළාත්පාලන ආයතනයට සභිකයන්ගෙන් සියයට 60 ක් තෝරා ගැනෙන අතර ඉතිරි සියයට 40 තෝරා ගැනෙන්නේ අනුපාතය අනුවයි. ඡන්දය ප්‍රකාශ කිරිමේදී ඡන්ද දායකයා තමන් කැමැති පක්‍ෂයේ හෝ ස්වාධීන කණ්ඩායමේ නම සහ ලකුණ ඉදිරියෙන් කතිරය සලකුණු කළ යුතුය. මෙවර මනාප ක්‍රමයක් නැත.
ජන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කිර්ම අනිවාර්යය වේ. ජාතික හැඳුනුම්පත. වලංගු විදේශ ගමන් බලපත්‍රය. වලංගු රියදුරු බලපත්‍රය. රාජ්‍ය සේවා විශ්‍රාමික හැදුනුම්පත. වැඩිහිටි හැදුනුම්පත. පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති පුජ්‍ය. පුජක හැදුනුම්පත පමණක් ඒ සදහා භාර ගැනෙ.
මෙතෙක් නිල ඡන්ද පත්‍රිකා නොලැබුණ අයෙකු ඇතිනම් අදාළ තැපැල් කාර්යාලයට ගොස් ඒවා ලබාගත හැකිය. ඡන්දය ප්‍රකාශ කිරීමට එම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව අනිවාර්යය නැත. ඡන්ද හිමි නාමලේඛණයේ නම සදහන්ව ඇතිනම් ඔහුට හෝ ඇයට ඡන්දය හිමිය.
මහනගර සභා 24 ක්. නගර සභා 41 ක් හා ප්‍රාදේශීය සභා 275 ක් සදහා නියෝජිතයන් 8356 දෙනෙකු මෙවර ඡන්ද විමසීමෙන් තෝරා ගැනීමට නියමිතයි. දේශපාලන පක්ෂ 43 ක් හා ස්වාධීන කණ්ඩායම් 222 ක් නියෝජනය කරමින් අපේක්ෂකයෝ පනස් හත් දහස් දෙසිය පනස් දෙදෙනෙක් ඒ සදහා තරග වැද සිටිති. ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇති සංඛ්‍යාව එක්කෝටි පනස් හත්ලක්ෂ හැටදහස් අටසිය හැට හතකි. දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන දහතුන් දහස් තුන්සිය හැත්තැ හතරක් පිහිටුවා තිබේ. ඡන්ද විමසිීමේ රාජකාරිවලට සහභාගිවන නිලධාරීන් සංඛ්‍යාව එක්ලක්ෂ හැත්තැපන් දහසකි.
ඡන්ද විමසීමේ ප්‍රතිඵල ශ්‍රාවකයන් වෙත ක්‍ෂණිකව ගෙන ඒමට ජාතික ගුවන් විදුලියේ සිටි එෆ් එම් සේවය විධිවිධාන යොදා තිබේ. ඒ සදහා වන විශේෂ මැතිවරණ විකාශය පස්වරු 6.30 ට ඇරඹෙයි.