Sat02162019

Last updateThu, 14 Feb 2019 9am

Local News

ඡන්ද මධ්‍යස්ථාන අසල නීතිවිරෝධී ලෙස හැසිරෙන අයට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලිසිය කියයි.

හෙට දිනයේ පැවැත්වෙන පළාත්පාලන ආයතනවල ඡන්ද විමසීම ඉතාමත් සාමකාමි ලෙස පවත්වන්නට අවශ්‍ය සියලු විධිවිධාන ශ්‍රි ලංකා පොලීසිය මේ වන විට යොදා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුනසේකර මහතා පවසයි.  ඒ මහතා මෙම අදහස් පලකලේ අද සවස පොලිස් මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. 

ඡන්ද මධ්‍යස්ථාන අසල නීති විරෝධී ලෙස ක්‍රියා කරන අයට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසට පොලිස් නිලධාරින් දැනුවත්කර ඇත.  සියලුම ඡන්ද මධ්‍යස්ථානවලට ඡන්දය විමසන හා ඡන්දය ගනන් කරන කාලය තුල පොලිස් නිලධාරින් දෙදෙනෙකු බැගින් යොදවා තිබේ.  ඊට අමතරව පොලිස් ජංගම සේවාවක්ද ක්‍රියාත්මකයි.  මේ වන විට මැතිවරණ සම්බන්ධයෙන් වන පැමිණිලි 640 ක් ද මැතිවරණ නීති උල්ලංගනය කිරීම් 191 ක් ද ඇතුඑ මුඑ පැමිණි 831 ක් වාර්තා වී ඇති බවට ගුනසේකර මහතා වැඩිදුරටත් සඳහන් කරයි.