Fri05252018

Last updateFri, 25 May 2018 1pm

Local News

පවුල් ආර්ථිකය පිළිබඳව සොයා බලා විසදුම් ලබාදිීමට නව ඒකකයක්

පවුල් ආර්ථිකය පිළිබඳව සොයා බලා විසදුම් ලබාදිීමට නව ඒකකයක් ආරම්භ කෙරේ.  ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශය යටතේ එය ක්‍රියාත්මකයි . පවුල් ආර්ථිකයේ වියදම් හා ආදායම . එය රටේ ආර්ථිකයට එල්ල කරන බලපෑම හා  රටේ ආර්ථිකය පවුලේ ආර්ථිකයට බලපාන ආකාරය ආදී කරුණු පිළිබදව එම ඒකකය සොයා බලනු ඇත.  පවුල් ආර්ථික ඒකකයේ පළමු සාකච්ඡාව අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී ඊයේ  පැවැත්විණි.  ජාතික ආර්ථිකය පිළිබදව තොරතුරු රජය සතුව පවතින අතර ඒවා ක්‍රියාත්මක කෙරුණද නිවෙස්වල ආර්ථිකය පිළිබද තොරතුරු ලබා ගත යුතුව පවතින බව සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් අගමැතිවරයා පැවසීය.  ජීවන වියදම සලකා බැලීමේ දී විශේෂයෙන් අවධානය යොමු වුයේ අත්‍යවශ්‍ය ආහාර කෙරෙහිය.  එහෙත් නිවෙස්වල අත්‍යවශ්‍ය ආහාර සදහා පමණක් නොව ගමනාගමනය . ඇූඳුම් පැළඳුම්  . දුරකථන ගාස්තු . නිවාස කුලී . ආදි වියදම් රැසක් පවතී.  ඇතැම් පවුල්වල ආහාර සදහා යන වියදමට වඩා එම අංශවල වියදම ඉහලය.  නව ඒකකය එම කරුණු පිළිබදව සොයා බලනු ඇතැයි අගමැතිවරයා පැවසීය.