Thu08162018

Last updateMon, 30 Jul 2018 10am

Local News

මොරගහකන්ද කඵඟග ව්‍යාපෘතියේ මංගල දියවර නිකුත් කිරිම ජනපති ප්‍රධානත්වයෙන්.

මොරගහකන්ද කඵඟග ව්‍යාපෘතියේ මංගල දියවර නිකුත් කිරිම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රදානත්වයෙන් සුබ මොහොතින් අද පෙරවරුවේ සිදු විය. සිනෝහයිඩ්‍රෝ චීන සමාගම නිම කළ මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය ශ්‍රී ලංකා රජයට භාරදීමේ සන්නස් පත්‍රය ශ්‍රිී ලංකාවේ චීන තානාපතිනිය එහිදී ජනාධිපතිතුමාට පිළිගැන්වුවාය.

අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ මැති ඇමතිවරු රැසක් එම අවස්ථාවට එක්වුහ. මේ අතර මෙගාවොට් 25 ක විදුලි ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීම සදහා විදුලි ජනන යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමද අද පෙරවරුවේ සිදු විය. මොරගහකන්ද ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානය ජනාධිපතිතුමාගේ සහ අගමැතිතුමාගේ නිරික්ෂණයට ලක් විය. ටර්බයින් යන්ත්‍ර සදහා ජලය නිකුත් කිරීම ද ඔවුන්ගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

මොරගහකන්ද කඵඟග ජලාශයේ සමස්ත ධාරිතාව අක්කර අඩි හයලක්ෂ හැටදහසකි. එය පරාක්‍රම සමුද්‍රයේ ජල ධාරිතාව මෙන් හය ගුණයකි. හෙක්ටයාර් අසුදහසක් යල මහ කන්නයේ වගා කිරිම සදහා එමගින් ජලය සැපයිය හැකිය. සෙත සැලසෙන සංඛ්‍යාව ලක්ෂ 15 ඉක්මවයි. ලක්ෂ 03 කට පිරිසිදු පානිය ජලය ලබාදිම ද මෙම ව්‍යාපෘතිය යටතේ සිදුවෙයි.


මේ අතර මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ වී දශක හතරක් සපිරිම නිමිත්තෙන් සංවිධාන කළ උත්සවයක් පොල්ගොල්ලේදි අද පස්වරුවේ පැවැත්වේ. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා එහි ද ප්‍රධාන ආරාධිතයායි.